පෙට්‍රල් සහ ඩීසල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹෙයි

    March, 16, 2017

    ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05ක් වන) බැරල් 4,200,000ක ප්‍රමාණයක් සහ පෙට්‍රල් (92 Unl) බැරල් 956,250ක ප්‍රමාණයක් ආනයනය කිරීමේ දිගුකාලීන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2017 03 01 දින සිට 2017 10 31 දින දක්වා වන මාස අටක (08) කාලයක් සඳහා, පිළිවෙලින් සිංගප්පූරුවේ M/s. Swiss Singapore Overseas Pte. Ltd. හා M/s. Gunvor Singapore Pte. Ltd. යන ආයතන වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.