පොළී අනුපාත ඉහළට

    January, 26, 2017

    2016 සැප්තැම්බර් 02 වනදායින් පසු, දින 91 භාණ්ඩාගාර බිල්පත් සඳහා තීරණය වුණු ඉහළම පොළී අනුපාතිකය ඊයේ (25) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී වාර්තා විය. එහීදී පූර්ව වෙන්දේසියේ දී නියම වී තිබූ 8.98% පොළී අනුපාතිකය ඊයේ වෙන්දේසියේ දී 9.03% දක්වා ඉහළ යන ලදී.

    මේ අතර දින 182 බිල්පත් පොළිය 10.05% සිට 10.07% දක්වා මෙවර වෙන්දේසියේ දී ඉහළ ගිය අතර දින 364 බිල්පත් පොළිය 10.37% මට්ටමේ නොවෙනස්ව පැවතිණි.

    ඊයේ වෙන්දේසියේ දී රුපියල් මිලියන 94,686 ක ලංසු ඉදිරිපත් වී ඇති අතර රුපියල් මිලියන 27,233 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.