බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු. බිලියන 35 ක කොන්ත්‍රාත්තුවක් ජපානයේ Taisei Corporation වෙත

    February, 21, 2020

    වර්ෂ 2025 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, එම තත්ත්වයට මුහුණ දීමට ගුවන්තොටුපළ මගී පර්යන්ත ආශ්‍රිත ධාරිතාව වැඩි කිරීමේ කටයුතු නොපමාව සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

    ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ II වන අදියර 2 වන පියවර 'අ' පැකේජයට අදාළ කොන්ත්‍රාත්තුව, මුළු වටිනාකම ජපන් යෙන් මිලියන 41,553.89ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 35,135.84ක මුදලකට Taisei Corporation වෙත පිරිනැමීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.