බැංකු තැන්පතුවල වර්ධනයක්

    February, 11, 2025

    2024 පළමු කාර්තුවේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර. එම වර්ධනය ඊළග කාර්තුවල දී තවදුරටත් ඉහළ ගියේය. පොලී අනුපාතික අඩු වීම හමුවේ පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණය ඉහළ යෑමට අනුකූලව ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකු සහ දේශීය පෞද්ගලික බැංකු විසින් වාර්තා කරන ලද තැන්පතු වගකීම්වල වර්ධනය වීම මෙම සමස්ත වර්ධනයට මූලිකවම හේතුවිය.

    බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම් ප්‍රමාණය 2023 වසර අවසානයේ දී නිරපේක්ෂ අගය මත රු. බිලියන 10,406.2 ක්වූ අතර, 2024 වසර අවසානය වන විට එය රු. බිලියන 12,323.8ක් දක්වා වර්ධනය විය. 2023 වසර අවසානයේ දී 10.54%ක් ලෙස වාර්තා වූ රුපියල් තැන්පතු වගකීම්වල වර්ධනය, 2024 මාර්තු අවසානය වන විට 11.05% ක වර්ධනයක් පෙන්නුම් කළේය. එම වර්ධනය 2024 සැප්තැම්බර් අවසානය වන විට 15.36% ක් දක්වා තවදුරටත් ඉහළ ගිය අතර, ඉන් පසුව 2024 වසර අවසානය වන විට 18.43% ක වර්ධනයක් වාර්තා කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.