බුක් මාර්ක් එකෙන් ඇස් පෑදවූ වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයෝ

    November, 9, 2020

    සෑම ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක්  අක්ෂි අබාධයකින් පෙළෙන බව ඔබ දන්නවාද?

    අප කොතෙකුත් අපේ ශරීරයේ විවිධාකාර වූ රෝගාබාධ පිළිබඳව සැලකිලිමත් වුවත් අක්ෂි ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීම බොහෝ දෙනෙකු අතින් මගහැරෙන කාරණයක් වී තෙබේ. එය අවම සෞඛ්‍යය ප්‍රවනතාවක් දක්වන්නක් බවට පත් වී තිබෙන බව  අක්ෂි විශේෂඥයින්  පවසනු ලබයි. තවද ශ්‍රී ලංකාවේ මිලියන 9.3 ක ජනතාවක් ඇස් පෙනීමේ ගැටළු  වලින් පෙළෙන බව අක්ෂි විශේෂඥයින් විසින් තහවුරු කර තිබේ.

    වසර ගණනාවක සිට දෑස් නොපෙනීම සම්බන්ධව අඩු අවදානමක් දක්වමින් දෘශ්‍යාබාධ නොසලකා හැරීමට මිනිස්සුන් පුරුදු වී තිබේ.

    මෙම බැරෑරුම් කරුණු කාරණා පිළිබඳව වඩාත් සිතමින් දශක ගණනාවක සිට ජාතියේ ඇස් පෑදවූ විශ්වාසවන්ත දෘෂ්ටි විශේෂඥයින් වන වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් විසින් සිදු කළ අපූර්ව කර්තව්‍යයක් පිළිබඳව පසුගිය සාහිත්‍යය මාසයේදී අසන්නට ලැබුනි. එනම් ඉතාමත් පහසුවෙන් තමන්ගේ දෑස් පරීක්ෂා කර ගැනීම සඳහා

    සාමාන්‍ය ප්‍රමාණයේ පොත් පිටු රඳනවයක (බුක් මාක්)  රසවත් කෙටි කතාවක් මුද්‍රණය කිරීමයි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ

    ඕනැම අයෙකුට කියවිය හැකි ප්‍රමාණයේ අක්ෂර වලින් කතාව ආරම්භ වී එහි වඩාත්  රසවත් කොටසට පැමිණෙන විට ක්‍රමයෙන් අකුරු කුඩා වන පරිදි  තමන්ටම ඇස් පරීක්ෂා කර ගත හැකි සටහනක් ලෙසින් සකසා තිබීම ය.

    දෘශ්‍යාබාධ ඇති අයෙකුට එම කුඩා අකුරු කියවිය නොහැක.

    දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙම වික්‍රමාරච්චි

    දෑස් පරීක්ෂක පොත් රඳවන නොමිලේ බෙදා හැරීම ආරම්භ කරන ලදි.

    රසවත් කතාවේ අවසානය දක්වා කියවා ගැනීමට අපොහොසත් වූ පොත් ලෝලීන් සඳහා නොමිලේ අක්ෂි පරීක්ෂාවක් සමඟ සුවිශේෂ වූ වට්ටම් ලබා දීම ද සිදුකෙරිණි.

    වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් විසින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ පොත් ප්‍රකාශකයින් සහ වෙළෙඳසැල් සමඟ අත් වැල් බැඳගනිමින් මෙම අපූර්ව කාර්ය සංවිධානය කරන ලදි.

    දෘශ්‍යාබාධ සහිතව පොත් කියවීමට පෙළෙඹුණු බොහෝ දෙනා මෙවැනි කුඩා ස්වයං දෘශ්‍යාබාධ පරීක්ෂක බුක් මාර්ක් එකක් මගින් තමන්ගෙ දුර්වල දෑස් හඳුනා ගැනීම පමණක් නොව එතෙක් කලක් අබාධ සහිතව කියවා ඔවුන් කළ වරද ද හඳුනා ගත් හ. වික්‍රමාරච්චි සමාගම ඔවුන්ගේ ඇස් පෑදවූයේ එලෙසිනි.