භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ප්‍රමාණවත් ලංසු ලැබී නැහැ

    July, 29, 2020

    අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ප්‍රමාණවත් පරිදි ලංසු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.

    රු. බිලියන 39.5 ක බිල්පත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ලැබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. බිලියන 12කටත් අඩු ලංසු ප්‍රමාණයකි.

    දින 91 සහ දින 182 බිල්පත් පොළී අනුපාතික පසුගිය සතියට සාපේක්ෂව පදනම් අංක 1 බැගින් පහළ ගොස් තිබුණු අතර දින 364 බිල්පත් පොළිය නොවෙනස්ව පැවතුණි.

    වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද රු. මිලියන 39,500 ක මුළු බිල්පත් ප්‍රමාණය වෙනුවෙන් රු. මිලියන 46,963 ක ලංසු ලැබී තිබුණ ද එහිදී අපේක්ෂිත පොළී අනුපාතිකයන් යටතේ ප්‍රමාණවත් පරිදි ලංසු ලැබී තිබුණේ රු. මිලියන 11,963 ක වටිනාකමකින් යුතු බිල්පත් වෙනුවෙන් පමණි.