මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩා පරපුරක් හදුන්වදීමට Crysbro Next Champ වැඩසටහන ඇරඹේ

March, 20, 2018

එදා මෙදාතුර ශ‍්‍රී ලංකාව විවිධ ක‍්‍රීඩා ඉසව් ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කලත්, ඔලිම්පික් මට්ටමින් පදක්කම් දිනාගෙන ඇත්තේ තවමත්  දෙකක් පමණයි. සුසන්තිකා ජයසිංහගෙන් පසුව තවමත් අපට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකි වී නැත.

 

ශ‍්‍රී ලාංකීය ක‍්‍රිඩාව ජාත්‍යන්තරය දික්විජය කිරීමේ ජාතික හැ`ගීම පෙරදැරිව තම ලාභය රට වෙනුවෙන් ආයෝජනය කරන ආයතන ඇත්තේ අතලොස්සකි. ඒ අනුව මතු බලපොරොත්තු තැබිය හැකි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් ක‍්‍රිස්බ්‍රෝ සන්නාමයේ හිමිකාරිත්වය පවතින ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනය විසින් Crysbro Next Champ රටට හදුන්වා දෙයි.

 

ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉමිටියාස් මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කෙරෙන  Crysbro Next Champ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව මාර්තු මස 14 වන දින කොළඹ සිනමන් ග‍්‍රැන්ඞ් හොටලයේදී පැවැත් විය.

 

මෙම වැඩ සටහන් මගින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් රටට හ`දුන්වා දීම, ප‍්‍රවීන ක‍්‍රීඩන ක‍්‍රීඩිකාවන්ගේ දැනුම නව පරපුර වෙත ගෙන යාම, ක‍්‍රීඩා ශාරීරික හා පෝෂණ දැනුම සැපයීම, ජාත්‍යන්තර කී‍්‍රඩාව හා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට හේතු වු ජීවන තොරතුරු හා වාර්ෂික Crysbro Next Champ නමින් සම්මාන උළෙලක්ද පැවැත්වීම මූලික අරමුණ වේ.

 

උදාහරණයක් ලෙස මෙම සම්මාන උළෙලේදී මීටර් 100 පිරිමි Crysbro Next Champ of the Year සම්මානය" මීටර් 400 කාන්තා Crysbro Next Champ of the Year සම්මානය, උස පැනීමේ පිරිමි Crysbro Next Champ of the Year සම්මානය" හෙල්ල විසිකිරීමේ කාන්තා Crysbro Next Champ of the Year සම්මානය" හො`දම පිතිකරු Crysbro Next Champ of the Year සම්මානය ආදී වශයෙන් සම්මාන 30ක් ප‍්‍රදානය කිරීමට නියමිතයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනයේ ජේ්‍යෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා ප‍්‍රකාශ කරන්නේ නිරෝගීමත් හා ශක්තිමත් පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වන තම ආයතනය, Crysbro Next Champ වැඩසටහන ඉතා විනිවිද භාවයෙන් හා සියලූම දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හැකියාවන් ජාතික තලයට රැුගෙන එමට බලාපොරොත්තු වන බවයි. ඒ ඔස්සේ ඔවුන් මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩා තරු බවට ගොඩනැගීමට කටයුතු කරන බව අමෝරස් සෙලා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ සිටින ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනය, තම ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට ඉහළ අවධානයක් යොමු කරයි. නව්‍යකරණය කෙරුණු නිෂ්පාදන ක‍්‍රමවේදයක් ම`ගින් උසස් තත්ත්වයේ සෞඛ්‍යාරක්‍ෂිත ප‍්‍රමීතීයෙන් හා ස්භාවික තත්වයෙන් වගා කෙරුණු තිරි`ගූ, බඩඉරු`ගු සහ වී ලබාදෙමින් කුකු`ඵ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙයි. ෆාම්ස් ෆ‍්‍රයිඞ් ආයතයයේ සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලදීම ජෛව- සුරක්‍ෂිතතා මිනුම් ස්ථාපනය කරමින් ඉතා ඉහල ප‍්‍රමිතියෙන් සෞඛ්‍යාරක්‍ෂිත භාවය තහවුරු කෙරෙයි.

ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනයේ ජේ්‍යෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා විසින් Crysbro Next Champ  වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාව අමතමින්.

 

Crysbro Next Champ සම්මානයේ අනුරුවක් නිල වශයෙන් නිරාවරණය කරයි.