මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් “හොඳම නැකත සඳහා හොඳම ස්වර්ණාභරණ”

    April, 8, 2021

    දිවයිනේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සන්නාමයක් වන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිංහල අලුත් අවුරුදු සමය සමරමින් පාරිභෝගිකයාගේ අවශ්‍යතා සපුරාලීමට නව ස්වර්ණාභරණ රැසක් එලි දක්වා ඇත.

    Covid 19 රෝගී තත්වය නිසා පසුගිය වසරේදී අපි තරමක් නිහඩව සිංහල අලුත් අවුරුද්ද සැමරුවෙමු. එබැවින් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෙම උත්සව සමය සැමරීමට මිනිසුන් දිරිමත් කිරීමේ අභිලාෂයෙන් 'හොඳම නැකතට හොඳම ස්වර්ණාභරණ'' යන තේමාවෙන් නවතම ප්‍රවර්ධන වැඩසටහන ඉදිරිපත්කර ඇත. මෙහිදී සම්ප්‍රදායික පෙතිමාල සහ ලියවැල් මෝස්‌තර මූලික කොට ගනිමින් තවත් මෝස්‌තර රාශියක් සහ දියමන්ති එකතුවක් එලි දක්වා ඇත.

    පෙතිමාල සහ ලියවැල් මෝස්තර එකතුව

    කැරට් 22 රනින් නිමකරන ලද පෙතිමාල සහ ලියවැල් මෝස්‌තර වලින් සමන්විත නිර්මාණ සම්ප්‍රදායික සහ නවීන පන්නයේ පෙන්ඩන්ට්, වළලු, කරාඹු ආදියෙන් වූ ආකර්ශනීය නිර්මාන එකතුවකි.

    දියමන්ති ස්වර්ණාභරණ එකතුව

    කැරට් 18, rose gold, yellow gold සහ white gold වලින් නිමවන ලද දියමන්ති ස්වර්ණාභරණ එකතුවක්ද මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් ගෙනෙනු ලබයි.

    මල්ලිකා හේමචන්ද් ජුවලර්ස්  signature වළලු එකතුව

    එලෙසම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ස්වර්ණාභරණ එකතුව signature වළලු එකතුවකින්ද සමන්විත වේ. අවුරුදු සමය දීප්තිමත් කෙරුමට අලංකාර වළලු එකතුව මසකට රුපියල් 3700කට පහසු ගෙවීමේ සැලසුම් යටතේ මිලදී ගැනීමේ පහසුකම්ද සලසා දී ඇත.

    අලුත්ම පන්නයේ  රන්මාල

    නවීන විලාසිතාවනට ගැළපෙන රන්මාල රන් මිල පමණක් ගෙවා ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද පාරිභෝගිකයන් හට උදාකර දෙනු ලබන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් එම රන්මාල රුපියල් 20,000සේ සිට ඉහල මිල ගණන් යටතේ ගෙන එනු ලබයි.

    රන් හුවමාරු සදහාද වෙලදපොලේ ඉහලම මිල මෙම උත්සව සමයේ ඔබ වෙත ගෙනෙනු ලබන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් රන් හුවමාරු තුලින් නවීන මෝස්තරයේ ස්වර්ණාභරණ ඉහල මිලකට හුවමාරු කරගැනීමේ පහසුවද සලසා දෙනු ලබයි.

    එමෙන්ම 40%ක් දක්වා වූ සුවිශේෂී වට්ටම් සහ මාස 60 දක්වා වූ පහසු ගෙවීමේ සැලසුම්ද දිවයිනේ ප්‍රමුඛතම බැංකු 14ක් සමගින් අත්වැල් බැදගනිමින් පාරිභෝගික ජනතාව වෙත තිලින කරනු ලබයි.

    වැඩි විස්තර සදහා 0112688531 ඇමතීමෙන් හෝ මල්ලිකා හේමචන්ද්ර ජුවලර්ස් ශාඛාවක් වෙත පැමිණීමෙන් ලබා ගත හැක.

    එමෙන්ම https://www.mallikahemachandra.com වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අවශ්‍ය ස්වර්ණාභරණ ඔන්ලයින් ක්‍රමය යටතේ මිලදී ගෙන ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකමද දැන් මල්ලිකා හේමචන්ද්ර ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට ලබදෙයි.

    1968දී ආරම්භ වූ මල්ලිකා හේමචන්ද්ර ජුවලර්ස් ලාංකික ස්වර්ණාභරණ ක්ෂේත්රයේ පුරෝගාමී ආයතනයක් ලෙස දෙස් විදෙස් පැසසුම් ලබා ඇත. මෙම සමාගමේ අරමුණ වන්නේ ගුණාත්මක, නිර්මාණශීලී, නවතම ස්වර්ණාභරණ පාරිභෝගික ජනතාව වෙත හිමිකර දීමයි. නිර්මාණශීලි ස්වාර්ණභරණ ගැන සිතන අය ට මුලින්ම මතකයට එන්නේ මල්ලිකා හේමචන්ද්ර  ජුවලර්ස් නාමයයි.