මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    March, 17, 2023

    පහත දැක්වෙන්නේ මහජන බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකි.

    මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් සම්බන්ධව පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කිරීමයි.

    ඉහත කරුණ සම්බන්ධව මහජන බැංකුව මෙසේ කරුණු පැහැදිලි කරයි.

    මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජුව හෝ වක්‍රව අප වෙත ඉල්ලීම් කර හෝ උපදෙස් ලබා දී නොමැත.

    මහජන බැංකුව රාජ්‍ය ආයතන සඳහා බැංකු සේවා සැපයීමේ විශ්වසනීය හවුල්කරුවකු වන අතර. හුදු ලාභයම මූලික අරමුණු කර නොගනිමින් එම ආයතන වෙත සුවිශේෂ සේවාවන් සපයන්නේ සිය ජාතික වගකීම මනාව වටහාගත්, දේශයේ අභිවෘද්දිය වෙනුවෙන් කැපවූ බැංකු ආයතනයක් ලෙසිනි.

    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළුව අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අප ආයතනය මනාව බලගැන්වී ඇති අතර, ඔවුන්ගේ සුවිශේෂී බැංකු අවශ්‍යතා සපුරාලන විවිධාංගීකරණය වූ බැංකු විසඳුම් සැපයීමේ විශිෂ්ට සේවා වාර්තාවක් මහජන බැංකුව සතුව ඇත.

    අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි දක්වන අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් ස්තුතිය පුදකරන අතර, උපරිම කැපවීමෙන් හා වගකීමෙන් ඔවුන්ට සේවය කිරීමට අපි ඇපකැපවී සිටිමු.

    අලෙවිකරණ දෙපාර්තමේන්තුව

    මහජන බැංකුව