මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

    July, 21, 2017

    එක්සත් රාජධානියේ ද බෑන්කර් 2017 සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගතව ඇත. ශී්‍ර ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශිය වශයෙන් පමණක් නොව ගෝලිය වශයෙන්ද ඇතිකරගත් ශක්තිය, ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය මෙසේ ලොව විශිෂ්ටතම බැංකු දහස අතරට එක්වීමෙන් මනාව තහවුරු වේ.
    එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි. 1970 වසරේ සිට මෙම සඟරාව විසින් ලොව ප්‍රධාන පෙළේ බැංකු 1000 ශ්‍රේණිගත කිරීම ස`දහා අවශ්‍ය මිනුම් සහ නිර්ණායක සකසා ඇත. ද බෑන්කර් ස`ගරාව දත්ත ප්‍රවෘත්ති ඇතුළත් කිරීම් සහ විධායක සම්බන්ධතා දත්ත වලින් සමන්විත වන අතර බැංකු ක්ෂේත්‍රය තුළ එහි ශ්‍රේණිගත කිරීම් බැංකු කි්‍රයාකාරිත්වය සහ ප්‍රමිතිය සකසයි.
    මහජන බැංකුව වත්කම් ප්‍රමාණය මේ වනවිට රුපියල් ට්‍රිලියන 1.4 කි.  දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය.   දිවා රාත්‍රී ක්‍රියාත්මක ඛ්බන් ඡ්හ සේවාව සමඟග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3, 125 කට අධිකය. සමස්ත ගනුදෙනුකාර සම්බන්ධතා මිලියන 16 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ.
    ආරම්භයේ සිටම මහජන බැංකුව සෑම වයස් කාණ්ඩ වලට සහ විවිධ ක්ෂේත්‍රයන්හි නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගතකරන ලද ගිණුම් හ`දුන්වා දෙමින් ඔවුන් වෙත බැංකු පහසුකම් සමිප කළ අතර, ගොවිජනතාව, ධීවර ජනතාව මෙන්ම සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියා ලාභීන් න`ගා සිටුවීම ස`දහා විවිධ ණය යෝජනා ක්‍රම හ`දුන්වා දෙනු ලැබුවා.
    මීට අමතරව ආයතනික ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය බැංකු සේවාවන් මහජන බැංකුවේ ආයතනික බැංකු අංශය විසින් ලබාදෙන අතර,  ලොව පුරා රටවල් 103 ක සිටින නියෝ්ජිතයින් 900 ක් සම`ග සම්බන්ධතා පවත්වමින් අන්තර් ජාතික වෙළෙඳාම් වල යෙදෙන ආයතනික ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය පහසුකම් සහ උපදේශන සේවා ලබාදෙයි.
    නවීන තාක්ෂණය සමඟ අනුගත වෙමින් ගනුදෙනුකාර භවතුනට වඩාත් කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මේවනවිට මහජන බැංකුවේ සියලුම ශාඛා එකම ජාලයකට ජාලගත කර ඇත.  මීට අමතරව පරිගණක හා ටෙලර් යන්ත්‍ර සහිත මාර්ගගත ජංගම බැංකු සේවාවක් ද දිවයින පුරා සේවයේ යොදවා ඇත්තේ ඕනෑම ස්ථානයක සිට බැංකු පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමිනි.
    මොබයිල් බෑන්කින්,  පීපල්ස් නෙට් හා පීපල්ස් පාම් ටෝප් වැනි නවීන බැංකුකරණ අත්දැකීම් ද සිය ගනුදෙනුකරුවන් වෙත මහජන බැංකුව පිරිනමා ඇත.  ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් ජංගම දුරකථන ජාල සමඟ අත්වැල් බැදගනිමින් පීපල්ස් මොබයිල් බෑන්කින් සේවාව තුළින් ගනුදෙනුකරුවනට බැංකු ශාඛාවට නොගොස් ජංගම දුරකථනයෙන්ම බැංකු ගනුදෙනු කිරීමේ,  බිල්පත් ගෙවීමේ  පහසුව සලසා  තිබේ.  එමෙන්ම පීපල්ස් නෙට් වෙබ් අඩවිය මගින් අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගත හැක.
    එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර,  මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හඳුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංකී්‍රය ටෙලර් යන්ත්‍ර මුදල් තැන්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
    එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse” නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද කි්‍රයාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය ඩිජිටල් බැංක සේවාවන්  සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, අපේක්ෂා සපිරි ශ්‍රී ලාංකීකයන්ගේ බැංකුව ලෙස ඉදිරි මඟට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.