මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්

    July, 24, 2020

    රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගරයේ පහසුකම් දියුණු කර දෙස් විදෙස් ජනතාවට රෙදිපිළි සහ අනෙකුත් අනෙකුත් භාණ්ඩ මිල දී ගත හැකි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය (22) දා තලවතුගොඩ දී පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

    “මහරගම නගරය රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මහරගම නගරයේ පහසුකම් දියුණු කරලා දෙස් විදෙස් ජනතාවට රෙදිපිළි සහ අනෙකුත් අනෙකුත් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්න අපි සැලසුම් කරගෙන යනවා. එමගින් මහරගම සහ ඒ අවට ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන්න පුළුවන්.“

    “ඒ වගේම ජනතාවගේ නිවාස ගැටළුවලට විසඳුම් ලබා දෙන්න සියලු දෙනා නිවාස හිමියෙක් කරන්න පෞද්ගලික අංශය සමග එකතු වී කටයුතු කරනවා. 69 ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම තුළ මෙවැනි ගැටළුවලට විසඳුම් ඇතුළත් වෙනවා.“