මහාචාර්ය අමරතුංග CDB අධ්‍යක්ෂ මණ්ඩලයට

    October, 20, 2016

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්වීම් ලැබ තිබේ.

    මෙම පත්වීම අද සිට බලපැවැත්වෙන බව සමාගම වැඩිදුරටත් දන්වා සිටී.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන අමරතුංග මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.

    ඒ මහතා ජපානයේ කොගොෂිමා ජාතික විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ඇත.