මහ බැංකුවේ මහ පුටුවල වෙනසක්

    November, 6, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාව සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේ සිට සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ආචාර්ය වීරසිංහ මෙලෙස මහ බැංකුවට සමු දී ඇත්තේ 29 වසරක දීර්ඝ සේවා කාලයකින් පසුවය.

    මේ අතර නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්න මහතා ද මීට මාස කිහිපයකට පෙර සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. මහ බැංකුවේ ඔහුගේ සේවා කාලය වසර 32කට අධික වේ.

    වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුර එකක් පමණක් ඇති අතර එය දරනු ලබන්නේ මීට පෙර ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ මහින්ද සිරිවර්ධන මහතා විසිනි.

    මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධූර 8ක් තිබෙන අතර ආර්. ඒ. ඒ. ජයලත්, කේ. එම්. ඒ. එන්. දවුලගල, එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු, ජේ. පී. ආර්. කරුණාරත්න, ඒ. ඒ. එම්. තාසීම්, සී. එන්. විජයසේකර සහ ඒ. ආර්. කේ. විජේසේකර මහත්ම මහත්මීන් විසින් එම ධූර දරනු ලබයි.