මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

    March, 26, 2020

    ශ්‍රී ලංකා මහ බැංකු, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ.

    එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා ඒවායේ ශාඛා සේම මහ භාණ්ඩාගාරය ද විවෘතව තබන මෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහ බැංකු අදිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දුන්නේය.