මාර්තු මුල් සති දෙකේ දී සංචාරකයින් 53,838ක් ලංකාවට 

    March, 16, 2023

    2023 මාර්තු මාසයේ 13 වන දිනෙන් අවසන් වූ පළමු සති දෙක තුළ පමණක් සංචාරකයින් 53,838ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අතරින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 12,762 කි.

    මීට අමතරව ඉන්දියානු සංචාරකයින් 7,348 ක්, ජර්මනියෙන් 4,289 ක්, එක්සත් රාජධානියෙන් 3,937 ක්, අමෙරිකාවෙන් 2,716ක්, ප්‍රංශයෙන් 2,704 ක්, සහ කැනඩාවෙන් 1,880 ක් ලෙසින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.

    ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළදි මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 264,022 කි.