මැයි මාසයේ දී රුපියලේ සැලකිය යුතු අතිප්‍රමාණය වීමක්

    June, 2, 2020

    2020 වසරේ මාර්තු මස දෙවන සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ 2020 වසරේ මාර්තු මස අග භාගයේ සිට අප්‍රේල් මැද දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ අතර, 2020 වසරේ අප්‍රේල් 09 වැනි දින එක්සත් ජනපද ඩොලරයට රුපියල් 199.75ක ඉහළම අගයට ළඟා විය.

    කෙසේ වුවත්, එතැන් සිට රුපියල ස්ථාවර වූ අතර, 2020 වසරේ මැයි මාසය තුළ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 වසරේ අප්‍රේල් මස 09 වැනි දින දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1කින් අවප්‍රමාණය වූ රුපියල එම ප්‍රවණතාව වෙනස් කරමින් සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය වූ අතර, 2020 වසරේ ජූනි මස 01 වැනි දින වන විට සියයට 2.4ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය.

    අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2020 වසරේ ජූනි 01 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී රුපියල, යූරෝ සහ ජපන් යෙන්වලට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 මාර්තු විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය වාර්තාවෙහි මේ පිළිබඳ සඳහන් වේ.