මැයි මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    June, 17, 2025

    2025 මැයි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 55.5ක් වාර්තා කළේය. පෙර වසරවල මෙන්ම 2025 අප්‍රේල් මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වාර්තා වූ මන්දගාමී තත්ත්වයෙන් මිදී යළි යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරමින්, මැයි මාසය තුළ සියලුම උප දර්ශක ඉහළ මට්ටමක පැවතුණි.

    රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ නිෂ්පාදනය ඉහළ යෑම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, තොග මිලදී ගැනුම් පෙර මාසයේ පැවති මට්ටමට සමාන මට්ටමක පැවතුණි.

    එපමණක් නොව, විශේෂයෙන් රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ නිෂ්පාදනය හේතුවෙන්, සේවා නියුක්ති උප දර්ශකය මාසය තුළ යථා තත්ත්වයට පැමිණීමක් දැකගත හැකි විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ ද ඉහළ මට්ටමක පැවතුණි.

    ඉල්ලුමෙහි අපේක්ෂිත වර්ධනයත් සමග ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන කටයුතු සඳහා අපේක්ෂාවන් ධනාත්මකව පවතියි. කෙසේ වෙතත්, විදුලි ගාස්තු ඉහළ යෑම සහ මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සිය අවධානය යොමුකර ඇත.