මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නොපියවූ ණය රු. බිලියන 844 ඉක්මවයි

    May, 2, 2018

    දේශීය බැංකු අංශය සතු නොපියවූ ණය හා ව්‍යාපෘති සම්බන්ධ විදේශීය ණය ඇතුළත් ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ ණය ප්‍රමාණය 2017 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයත් ලෙස අඩුවිය.

    ඒ අනුව, ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල ණය ප්‍රමාණය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 6.9 සිට 2017 වසර අවසානය වන විට සියයට 6.4 දක්වා අඩුවිය.

    කෙසේ වුවද, නාමික වශයෙන්, මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ ණය ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රුපියල් බිලියන 827.4 සිට 2017 වසර අවසානය වන විය රුපියල් බිලියන 844.6 දක්වා වැඩිවිය.

    මූල්‍ය නොවන රාජ්‍ය ආයතන විසින් දේශීය වාණිජ බැංකුවලට පියවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 495.1 සිට රුපියල් බිලියන 514.4 දක්වා වැඩි වූ අතර එය ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ ණය ප්‍රමාණයෙන් සියයට 60.9 ක් විය.

    මේ අතර, ව්‍යාපෘති සම්බන්ධ විදේශීය ණය රුපියල් බිලියන 330.2 දක්වා වැඩිවිය. මූල්‍ය නොවන ප්‍රධාන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ ණය ප්‍රමාණයෙන් ව්‍යාපෘති සම්බන්ධ විදේශීය ණය ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති සියයට 40.2 සිට 2017 වසර අවසානය වන විට සියයට 39.1 දක්වා අඩුවිය.

    2017 මහ බැංකු වාර්ෂික වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.