June, 17, 2025
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (16) සමත් වූ බවට වාර්තා වෙයි.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදල දිනා ගනිමින්ය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා නම් අලෙවි නියෝජිතවරියයි.
මේ 2025 වසරේ 21 වන සුපිරි ත්‍යාගලාභියා වන අතර මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල වූ කෝටි 23 ක සුපිරි ත්‍යාගයද දිනාදී වාර්තාවක් තබා ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියයි.
Video Story