මෙරට හොඳම බැංකුව ලෙස 18 වන වතාවටත් කොමර්ෂල් බැංකුවට ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය

    March, 31, 2017

    ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව අතර සුප‍්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත්කර ගෙන තිබෙන අතර මෙය මේ වසර තුළදී බැංකුව දිනාගත් තුන්වන ජාත්‍යන්තර සම්මානය ලෙසින් කැපී පෙනේ.

    ලොව පුරා ජනාදරයට පත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියා-පැසිෆික් කළාපයේ 2017 වසරේ හොඳම බැංකු 30 ක ලයිස්තුව එළිදක්වා තිබෙන අතර කළාපයේ දැවැන්ත බැංකු වන Commonwealth Bank (ඕස්ටේ‍්‍රලියාව), ICBC (චීනය), The Bank East Asia (හොංකොං), State Bank of India, Bank Rakyat (ඉන්දුනීසියාව), Mizuho (ජපානය), DBS (සිංගප්පූරුව) සහ Shinhan Bank (දකුණු කොරියාව) යන බැංකු සමග මෙම ලයිස්තුවේ කරට කර සිටීමට කොමර්ෂල් බැංකුවට හැකිවී ඇත.

    ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබන්නේ 18 වන වතාවට වන අතර මෙය ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් හොඳම බැංකු තෝරාගැනීමට පවත්වන ලද 24 වන වැඩසටහන වේ.

    වාර්ෂිකව හොඳම බැංකු තෝරා ගනු ලබන්නේ ලොව පුරා සිටින කර්මාන්තයේ විශ්ලේෂකයින්, ආයතින විධායකවරුන් සහ බැංකු උපදේශකයින්ගේ මැදිහත්වීම මත සඟරාවේ කර්තෘවරුන් විසිනි. මීට අමතරව, මෙහි ප‍්‍රතිඵල වඩාත් නිවැරදිව සහ විශ්වසනීයව ලබාගැනීම සඳහා මෙම සඟරාව කියවන ආයතනින පාඨකයින් සම්බන්ධ කරගනිමින් සමීක්ෂණයක්ද පැවැත්වීමටද ග්ලෝබල් ෆයිනෑන්ස් කටයුතු කර තිබේ.

    මෙහිදී, ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ක‍්‍රමවේදයට වත්කම්වල වර්ධනය, ලාභදායීතාවය, භූගෝලීය ව්‍යාප්තිය, උපාය මාර්ගික සම්බන්ධතා, නව ව්‍යාපාර සංවර්ධනය සහ නවෝත්පාදනය ඇතුළත් වේ. මෙහිදී, විෂයානු බද්ධ නිර්ණායකයන් යටතේ කොටස් විශ්ලේෂකයින්ගේ, ණය ශ්‍රේණි විශ්ලේෂකයින්ගේ, බැංකු උපදේශකවරුන්ගේ සහ කර්මාන්තයට සම්බන්ධ අනිකුත් අයගේ මත විමසා බැලෙයි.

    'මෙය මේ වසර සඳහා ඉතාමත් උසස් ආරම්භයක්ල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. 'ග්ලෝබල් ෆයිනෑන්ස් සඳහන් කරන්නේ අපහසුතා තිබෙන වෙළඳපොළවලදී පවා මෙම ජයග‍්‍රාහී බැංකු තම ගනුදෙනුකරුවන්ට ඉතාමත් ඉහළ සේවාවක් ලබාදී තිබෙන බවයි. එසේම, මෙම බැංකු අනාගත සාර්ථකත්වයට පදනම දමමින් මෙවර ඉහළ මූල්‍ය ප‍්‍රතිඵල පෙන්වා තිබෙන බවද අවධාරණය කර තිබෙනවා. අපගේ දැක්ම වන්නේද මෙයයි.'

    මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ප‍්‍රකාශක සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසෆ් ඞී. ගියරාපුටෝ මහතා මෙසේ සඳහන් කළේය. 'ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ලෝකයේ හොඳම බැංකු තෝරාගැනීමට පවත්වන වාර්ෂික සම්මාන ප‍්‍රදානයේදී අවධානය යොමු කරන්නේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා මූල්‍ය ආයතන විසින් සේවා ලබාදීමේදී දක්වන විශිෂ්ටත්වයයි. මෙම බැංකු ලෝකයේ විශාලතම හෝ පැරණිතම බැංකු නොවන්නට පුළුවන්. නමුත්, මේවායේ තිබෙන ශක්තිය සහ නම්‍යශීලීභාවය නිසා මෙම බැංකු ඉදිරියට පැමිණ තිබෙනවා.'

    හොඳම බැංකු තෝරා ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ මැයි කළාපයේ පළකරන අතර අප‍්‍රිකාව, ආසියා-පැසිෆික් කළාපය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය ඇතුළු රටවල් 150 ක් අතුරින් තෝරාගත් 2017 වසරේ ලෝකයේ හොඳම බැංකු පිළිබඳවද මෙහිදී වාර්තා කරනු ඇත. මීට අමතරව, මැයි කළාපය තුළින් ඇමරිකාවේ හොඳම කළාපීය බැංකු තෝරාගැනීම සහ කළාපීය වශයෙන් ලෝකයේ හොඳම බැංකු පිළිබඳ තොරතුරුද ඇතුළත්වේ.

    ග්ලෝබල් ෆයිනෑන්ස් හොඳම බැංකු සම්මාන ප‍්‍රදානය කරනු ලබන්නේ 2017 ඔක්තෝම්බර් මාසයේදී ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැුස්වීම් වොෂින්ටනයේ පැවැත්වෙන සමයේ වොෂින්ටනයේ පිහිටි 'නැෂනල් ප්‍රෙස් ක්ලබ්' හිදීයි.

    කොමර්ෂල් බැංකුව මෙම සම්මානයට අමතරව මේ වසරේදී තවත් ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනාගැනීමට සමත්වී තිබේ. ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ගෝලීය තිරසාර සහ ආයතනික සමාජ වගකීම් විශිෂ්ටත්ව සහ නායකත්ව සම්මාන ප‍්‍රදානෝත්වයේදී 'තිරසාර උපායමාර්ග සංවර්ධනය' (Developing Sustainable Strategies) කිරීම යටතේ බැංකුව සම්මානයට පාත‍්‍රවූ අතර එංගලන්තයේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවියූ සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව පසුගියදා තෝරාගන්නා ලදී.

    1987 දී ස්ථාපිත කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව 50,000 ක පිටපත් අලෙවියකට හා රටවල් 192 ක පාඨක ප‍්‍රජාවකට හිමිකම් කියයිx සඟරාවේ පාඨකයින් අතර බහුජාතික හා කීර්තිමත් මූල්‍ය සමාගම්වල ආයෝජන හා උපායික තීරණ ගන්නා සභාපතිවරුන්ල ප‍්‍රධාන විධායක නිළධාරීන්ල ප‍්‍රධාන මූල්‍ය නිළධාරීන් හා භාණ්ඩාගාර නිළධාරීන් බහුතරයක් සිටීx ගෝලීය වශයෙන් වෘත්තීය කළමණාකාරීත්වය යටතේ පවත්වාගෙන යන වත්කම් වලින් සියයට 80 ක ප‍්‍රතිශතයක් සඳහා වගකීම් දරන ආයෝජකයින් 8000 ක් ඉලක්ක කරගනිමින්ද ග්ලෝබල් ෆයිනෑන්ස් සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනු ලබයිx

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 658 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.