යටිතල පහසුකම් පරතරය අවම කිරීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරන MG Consultants සමාගම් සමූහය

August, 9, 2017

දිනෙන් දින වෙනස්වන ගෝලීය වෙළෙඳපොළේ වාසි ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව උපායමාර්ගිකව ස්ථානගත වෙමින් පවතින මොහොතක ආර්ථික සහ සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනයට හිමවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

ආර්ථික සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය අංගයක් වන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ කාර්යයේදී MG ආයතන සමූහය, ස්වාධීන ආයතන සමූහයක එකතුවක් ලෙස එම ක්ෂේත්‍රෙය් නොමැකෙන මං සලකුණු තබා ඇත.

1998 වසරේදී MG Consultants පුද්ගලික සමාගම ආරම්භ වූයේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර උපදේශන සමාගම්වල ආධිපත්‍යය පැතිර තිබූ වාතාවරණයකදී ය. තම පළපුරුද්ද හා අත්දැකීම් තුළින් විදෙස් සමාගම් අත සම්පූර්ණයෙන්ම පැවැති ඉදිකිරීම් කර්මාන්ත උපදේශන සේවාව තමන් වෙත දිනාගැනීමට MG Consultants සමාගම සමත්විය.  ඒ ඔස්සේ  ව්‍යාපෘති රැසක ප්‍රධාන උපදේශකත්වය දැරූ පළමු දේශීය උපදේශන ආයතනය වීමට ද සමාගමට හැකිවිය.

2011 වසරේදී එවකට මෙරට පැවැති ප්‍රධානතම ඉංජිනේරු උපදේශන සමාගම වූ Engineering Consultants සමාගම (ECL) තම ආයතන සමූහයට අවශෝෂණය කරගැනීම MG Consultants සාර්ථකත්වයේ සුවිශේෂී කඩයිමක් විය. එවකට ක්ෂේත්‍රය තුළ වඩාත්ම ගෞරවයට පත් ඉංජිනේරු උපදේශන ආයතනය වූයේ ද ECL ය. එම එකමුතුවත් සමඟ ශ්‍රී ලංකාව තුළ අසමසම උපදේශන සේවාවක් ලබාදීමේ හැකියාව සමාගමට හිමිවිය.

එම සාර්ථකත්වය හරහා දේශීය මෙන්ම විදේශීය ව්‍යාපෘති සඳහා ජල විදුලි උත්පාදනයේ නියැළෙන සාර්ථක පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන ECL Energy සමාගම, සුහුරු තාක්ෂණ පහසුකම් සලසන ජාල පද්ධතිකරණ කටයුතු පිළිබඳ විශේෂඥ ආයතනයක් වූ Enterprise Technology සමාගම මෙන්ම  ආයතනික පාරිභෝගිකයින් වෙත තොරතුරු තාක්ෂණ පහසුකම් සැලසීමත් නවීන තාක්ෂණික විසඳුම් සැපයීමත් පිළිබඳව නමක් දිනාගෙන ඇති Nimbus Venture පුද්ගලික සමාගම ද මෙම ආයතන සමූහය යටතේ මේ වනවිට ක්‍රියාත්මක වේ.

මෙවැනි උපායමාර්ගික ව්‍යාපාර පවරාගැනීම් හා නිබඳව සීමා මායිම්වලින් ඔබ්බට ගමන් ගනිමින් සිදුකරන ව්‍යාපාර මෙහෙයුම් තුළින් රටවල් අටක් පුරා විහිදී ඇති, දේශීය මෙන්ම ජාත්‍යන්තරයේත් තම තාක්ෂණික විශිෂ්ටත්වය හා අද්විතීය පාරිභෝගික තෘප්තිය සම්බන්ධයෙන් කීර්තියක් උසුළන ආයතනයක් බවට MG සමාගම් සමූහය පත්ව ඇත්තේ, අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 1235කට සිය දායකත්වය සපයමිනි.

ව්‍යාපාර වර්ධනයෙහිලා විශ්වසනීය පෙර දැක්මක් සහිත මෙම සමාගම් සමූහය මේ මොහොතේදී තම වැඩි අවධානයක් යොමු කරඇත්තේ, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ උපායමාර්ග හා ව්‍යාපාර බද්ධ වීම් සහ පවරාගැනීම් තුළින් මතුවන අභියෝග සහ අවස්ථාවන් හඳුනාගැනීමට ය.

විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ MG සමාගම් සමූහය සතු විසල් පළපුරුද්ද නිසාවෙන් අධිවේගී මාර්ග මෙන්ම ජාතික හා ප්‍රාදේශීය මාර්ග පද්ධතිය සඳහා උපදේශන සේවාවන්  සැපයීමටත්, තවත් සුවිශේෂී ව්‍යාපෘති රැසකට සංකල්පීයමය තලයේ පටන් දායකත්වය ලබාදීමටත්,  දැනට ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිවල කාර්යක්ෂතාව හා ලාභය වර්ධනය කිරීම සඳහා දායකත්වය දීමටත්  හැකිවී තිබේ. කොළඹ දකුණු වරාය බහාලුම් පර්යන්තය, Epilepsy රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිලි අදියර 4, මහනුවර නාගරිකයේ ජල සම්පාදන ව්‍යාපෘතිය, මොරටුව- රත්මලාන- ජාඇල අපජල බැහැරකිරීමේ ව්‍යාපෘතිය ආදිය ඉන් කිහිපයකි.

ශ්‍රී ලංකාවේ පළමු හරිත සරසවිය වන හෝමාගම NSBM සරසවිය ඉදිකෙරුණේ ද MG සමාගම් සමූහයේ උපදේශකත්වය යටතේ ය. එහි සාර්ථකත්නව නිසාම නව තාලයේ ඉගෙනුම් වටපිටාවක් නිර්මාණය කිරීමට මෙන්ම ජාත්‍යන්තර පැසසුම් පවා දිනාගැනීමට හැකිවිය.

MG සමාගම් සමූහයේ කැපවීමත් පළපුරුද්දත් සඳහා හිමිව තිබෙන පිළිගැනීම නිසාවෙන්ම දේශීය හා විදේශීය අරමුදල් සම්පාදකයින් හා එක්ව මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කළ පළමු සමාගම බවට ද පත්ව තිබේ. පිටත වටරවුම් අධිවේගී මාර්ගය අදියර 3, මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 2 හා මිල්කෝ කිරි කර්මාන්තශාලා සංවර්ධනය ඊට කදිම නිදසුන් සපයයි.

ඉදිරි වර්ධනය වෙනුවෙන් සරු හා පුළුල් ප්‍රතිඵලදායක අවස්ථාවන් රැසක් පිරිනමන ආයතනයක් ලෙස MG සමාගම් සමූහය ඉගෙනීමටත් අත්දැකීම් ලබාගැනීමටත් ඒ ඔස්සේ ඉහළටම ගමන් කිරීමට මෙන්ම විදෙස් රටවල ක්‍රියාත්මක වන සමාගමේ ව්‍යාපෘති හරහා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබාගැනීමට එහි කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමිකර දී ඇත. මේ අනුව ගත්කල MG සමාගම් සමූහය යනු සීමා මායිම් මැඬගෙන ඉහළටම වර්ධනය වෙමින් තිබෙන සැබෑම ශ්‍රී ලාංකික සමාගමකි.