රට ගොඩගන්න එක සිම්පල්ම වැඩක්. දවසකට බිලියන 4 ක් ආණ්ඩුවේ ගිණුමට සල්ලි වැටෙනවා. මගේ මූලික වැටුප රු. 69,000 යි – විගණකාධිපති

    February, 11, 2019

    තමන් නිරත වී සිටින තනතුර වත්මන් මට්ටමට වඩා ඉහළ වැටුපක් හිමිවිය යුතු තනතුරක් බව තමන් විශ්වාස කරන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් විගණකාධිපතිවරයා කියා සිටියේ 2017 වසර වන විට සිය මූලික වැටුප රු. 69,000 ක් බවත්‍, තම නිල නිවාසයේ විදුලි ජල බිල්පත් ගෙවීමට පමණක් මසකට රු. 35,000 කට වඩා වියදම් වන බවත්ය. දෙරණ talk with Chathura වැඩසටහන හා එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව පැවසීය.

    “රජය දෙන්න ලැහැස්ති ඒක නම්, ඒවා පස්සේ පැන්නීමේ වැඩපිළිවෙලක් මම ගාව නැහැ. මේ පඩියෙන් කර ගන්න ඇත්තටම පුළුවන්කමක් නැහැ. මට කොළඹින් නිල නිවාසයක් දීලා තියෙනවා. නිල නිවාසයේ ලයිට් බිල් වතුර බිල් මාසෙකට රුපියල් 35,000 ක් විතර වෙනවා. විගණකාධිපති වූ නිසා නිල නිවාසේ විදුලි බිල මට ගෙවන්න වෙලා තිබෙනවා,. ඒක පඩියෙන් අඩු කරනවා.“

    සමාන්තර ශ්‍රේණි හා සැසඳීමේ දී තමන් සිටින්නේ ඉතා පහළ වැටුප් තලයක බවත් පරිපාලන සේවය, ඔවුන්ගේ මට්ටමට වඩා ඉහළ මට්ටමින් විගණකාධිපතිවරයාට සලන්න කැමති නැති බවත් විගණකාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    මේ අතර ශ්‍රී ලංකාව දියුණු කිරීම ඉතාම පහසු කාර්යයක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

    “මේ රට ගොඩදාන්න පුළුවන්ද?“

    “ඉතාමත්ම සිම්පල් වැඩක්. මම දකින විදියට මේ රට ගොඩදානවා කියන්නේ සිම්පල්ම වැඩක්.“

    “ලංකාව කොරියාව මට්ටමට ගේන්න අවුරුදු 5 කට වඩා ගත වෙන එකක් නැහැ. කොරියාව එතනට එන්න පළමුවෙනි කාරණය තමයි Leadership with a vision. නායකත්වයක් ඇතිවෙලා වැඩක් නැහැ. එයට දැක්මක් තිබිය යුතුයි. කොරියාවේ Park Chung-hee කියන ජනාධිපතිවරයා අවුරුදු 30 කට අවුරුදු 50 කට විතර ඉදිරිය දැක්කා. ඒ දැකලා තමයි ඔහු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඔහු හොඳ සංකල්පයක් ගොඩනැගුවා pick the winner කියලා. පුද්ගලික අංශයේ හිටපු වැඩකරන්න පුළුවන් දක්ෂ මිනිස්සු අරගෙන ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දුන්නා.“

    “විශේෂයෙන්ම අපේ ආදායම ඉතාමත්ම ලොකුයි. දවසට අවම වශයෙන් රුපියල් බිලියන 4 ක් ආණ්ඩුවේ ගිණුමට සල්ලි වැටෙනවා. එකතොට ඒ ආදායම වියදම් කර ගැනීමේ ක්‍රමවේදය හරියට හදාගන්නේ නැති ප්‍රශ්නේ තමයි මේ ඇත්තවශයෙන්ම තියෙන්නේ.“

    මෙම සම්පූර්ණ වැඩසටහන දෙරණ 24 නාලිකාවෙහි විකාශය වීමට නියමිතය.