රාජකීය දිවිපෙවෙතකට ස්වර්ණමය ආයෝජනය ‘The Palace Gampaha’ ප‍්‍රයිම් සමූහය වෙතින්

    April, 5, 2021

    ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය සිය සුපිරි නිවාස ව්‍යාපෘතීන් අතරින් නවමු සංකල්පයක් සමග'The Palace Gampaha'පසුගියදා ආරම්භ කරන ලදි. පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප‍්‍රශස්ත ලෙස සපුරාලීමට, ප‍්‍රයිම් සමූහය සුඛෝපභෝගී නාගරික ජීවිතය සඳහා අවශ්‍ය සියලූ පහසුකම්වලින් සමන්විතව ගම්පහ නගරයට සමීපව මෙම සහධිපත්‍ය :ක්‍දබාදපසබසමප *නිවාස ව්‍යාපෘතිය ඉදිකරනු ඇත.

    'The Palace Gampaha'සුඛෝපභෝගී සහධිපත්‍ය (Condominium)නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පරිශ‍්‍රය අක්කර 13කට වැඩි වපසරියක් පුරාවට දිවයන අතර නුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයට මීටර් 100ක් තරම් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය ඉදිවනු ඇත. ගම්පහ නගරයට කිලෝමීටර් 2ක් තරම් සමීපයෙහි පිහිටි බැවින් ගම්පහ නගරයෙහි පිහිටි සියලූ ප‍්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ, අධ්‍යාපන ආයතන, සිනමාශාලා සහ විනෝද මධ්‍යස්ථානයන්, වැනි පොදු ස්ථානයන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත. එමෙන්ම ගම්පහ දුම්රියපොළ වෙත විනාඩි 5ක් වැනි සුළු කාලයක් තුළ ළ`ගාවීමේ හැකියාව පවතිග එමෙන්ම ඉදිවෙමින් පවතින කොළඹ නුවර ප‍්‍රධාන අධිවේගී මාර්ගයෙහි එක් පිවිසුමක් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇති බැවින්  විනාඩි 5ක් තුළ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය වෙත ප‍්‍රවේශ වීමේ අවස්ථාව පවතී  'The Palace Gampaha'සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ සිට කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 කින් ළ`ගා වියහැක.

    නිදන කාමර දෙකක් හා තුනක් සහිත සහධිපත්‍ය නිවාස 480ක් මෙහි ඉදිකරෙන අතර ඉදිකිරීම් කටයුතු සිදුකෙරන භූමිය , මිල ගණන් සහ නිවාස ඉදිකිරීම සඳහා භාවිතා කෙරෙන ජාත්‍යන්තරමට්ටමේ ගොඩනැගිලි උපාංගයන් යන සාධක සලකා බැලීමේදී ගම්පහ නගරයෙහි ඉදිකෙරන අසමසම අග‍්‍රගන්‍යයේ නිවාස ව්‍යපෘතිය ලෙස 'The Palace Gampaha'සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය නිසැකවම හඳුන්වාදිය හැක. රුපියල් මිලියන 9න් ආරම්භ වන මෙම නිවාස වසර තුනක් පුරා ලබා දෙන පොලී රහිත ගෙවිම් ක‍්‍රම හරහා මිලදී ගත හැකි අතරම ඉදිකිරීම් අවසන් වූ පසුව ආයෝජනයෙහි ප‍්‍රතිලාභ කිහිප ගුණයකින් වැඩි වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ පළමු [A-] ණය ශ්‍රේණිය ICRA වෙතින් හිමිකර ගැනීමටද ප‍්‍රයිම් සමූහයට හැකිව තිබේ.

    ශ‍්‍රී ලාංකීය දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඉදිකෙරන 'The Palace Gampaha'සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය අනාගත නාගරික ජීවිතයෙහි පිළිබිඹුව මනාව සනිටුහන් කෙරෙනවා. විශේෂයෙන්ම මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන භූමිය පිහිටි ස්ථානය, අතිශය සාධාරණ මිල සහ අද්විතීය පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙබඳු ව්‍යාපෘතියක් ගම්පහ නගර සීමාවට යාබදව තවත් බොහෝ කලකට ඉදිනොවනු ඇති බව මගේ විශ්වාසයයි. ගම්පහ දිස්ත‍්‍රික්කය තවමත් ස්වභාව සෞන්දර්යයෙන් අනූන බැවින් සුන්දර පරිසරය සහ නිස්කලංක බව මෙම නිවාස ව්‍යාපෘතියට නිරායාසයෙන් හිමි වනු ඇති. ගම්පහ නගරය ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන බැවින් මෙම නිවාස සඳහා පාරිභෝගිකයින් විසින් අද දිනයේ සිදු කරන ආයෝජනයෙහි වටිනාකම අනාගතයේදී කිහිප ගුණයකින් වැඩි වන බවට  කිසිදු සැකයක් නැහැ. එමෙන්ම අඩු පොළි අනුපාතයක් පවතින මෙවැනි කාලයක සිදු කළ හැකි ස්වර්ණමය ආයෝජනය මෙය බව අවධාරණයෙන් පැවසිය යුතුයි. පාරිභෝගිකයින්ගේ ආයෝජනය සඳහා ලබාදිය හැකි උපරිම ප‍්‍රතිලාභය ලබාදීමේ ප‍්‍රයිම් පොරොන්දුව එලෙසින්ම ඉටුකිරීම සඳහා අපි නිරනතුරුවම කටයුතු කරනවා.’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය.

    පැය 24 පුරාවට ලබා දෙන ආරක්ෂාව, ව්‍යාපාරික මධ්‍යස්ථානය, අමුත්තන්ගේ ආලින්දය, ක‍්‍රීඩාගාරය, රැස්වීම් ශාලාව, පුස්තකාලය, රූපවාහිනි නැරඹුම් ආලින්දය, අවන්හල්, කුඩා සුපිරි වෙළඳසැල්, එලිමහන් භෝජන පහසුකම්, නිවැසියන්ගේ ඇනවුම් මත සේවා සපයන මුළුතැන්ගෙය , ලොන්ඩ‍්‍රි සේවා, කාර්යමණ්ඩල විවේකාගාර, සියලූ පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානය, ව්‍යායාම මංතීරු, වෛද්‍ය මධ්‍යස්ථාන, Vegetable Patch, රූපලාවන්‍යාගාර ඇතුළුව 50කට අධික අනෙකුත් පහසුකම්වලින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත.

    මෙම නිවාස සංකීර්ණයෙහි පවතින තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඉදිකෙරෙන විශාල පරිමාණයේ පොදු නවීන මාදිලියේ මුළුතැන්ගෙයය (functionkitchen)ගමෙහිදී පාරිභෝගිකයින්ට තම අවශ්‍යතාව මත කටයුතු සඳහා මෙය වෙන්කරවා ගත හැක. මෙම පරිශ‍්‍රයෙහි ඉදිකෙරන ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය (DayCare Center) රැකියාවේ නියුතු පාරිභෝගිකයින් වෙත මහත් පහසුවක් වනු ඇත. සුපිරි නාගරික ජීවිතයක් ගත කිරීමට අවැසි සියලූ පහසුකම්වලින් මෙම නිවාස ව්‍යපෘතිය පරිපූර්ණ වන බැවින් අනාගත සුඛෝපභෝගී නාගරික ජීවිතයේ පිළිබිඹුව ලෙස (Condominium Apartments Projects) සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය හැඳින්විය හැක. මෙම සහාධිපත්‍ය නිවාස සංකීර්ණයේ ඔප්පු සහ සියලූ නීතිමය ලිපිලේඛන විනිවිද බවකින් යුතු බැවින් කිසිදු අපහසුතාවකින් තොරව බැංකු ණයක් ලබා ගැනීමේ හැකියාව පවතින අතර නීති හා මූල්‍ය උපදෙස්, බැංකු ණය ලබා ගැනීමට පහසුකම් සැපයීම ආදී විශිෂ්ට අලෙවියෙන් පසු වීශිෂ්ට සේවාවක් ප‍්‍රයිම් සමූහය විසින් ලබා දෙනු ඇත.

    වේගයෙන් සංවර්ධනය වන දිස්ත‍්‍රික්කයක් ලෙස ගම්පහ නගරයේ දේපළ මිල ගණන් පසුගිය කාලය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. කර්මාන්ත, කෘෂි සහ සේවා අංශයන්ගෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දෙවැනි විශාලතම දායකත්වය ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා දෙන අතර මෙරට ප‍්‍රධාන පෙළේ ප‍්‍රවාහන පහසුකම් සහිත දිස්ත‍්‍රික්කයක් ලෙසද ගම්පහ සැලකේ.

    පුද්ගලික සමාගමක් ලෙස ඇරඹි ප‍්‍රයිම් සමූහය සිය දිගුකාලීන අරමුණ වූ පොදු හිමිකාරීත්වයක් සහිත සමාගම් සමූහයක් බවට පත්වීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වී ඇත. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නුදුරු අනාගතයේදී මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යමින් පුළුල් කොටස් හිමිකාරීත්ව පදනමක් තුළින් ඉඩම් හා දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර තලයේ තරගකරුවකු බවට පත්වීමේ ඉලක්කය වෙත එළැඹ සිටී.