රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී

    June, 13, 2018

    වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි.

    2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපාරයන් ලෙසින් හඳුනාගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආදී ආයතන ඒ අතර වේ.

    මෙම රාජ්‍ය ව්‍යවසායන් 55 විසින් පසුගිය 2017 වසර තුළ දී වාර්තා කර ඇති මුළු පිරිවැටුම රුපියල් බිලියන 1,755.55 කි. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 13.22% ක් වේ.

    මෙම ආයතන 55 න් රජය සතු ව්‍යවසායන් 39 ක් ශුද්ධ ලාභයන් වාර්තා කිරීමට සමත්ව ඇති අතර සමස්තයක් ලෙසින් එම අගය රුපියල් බිලියන 136 ක් ලෙසින් ගණනය කර ඇත.

    කෙසේ වෙතත් 2017 වසර තුළ දී මෙලෙස මූලෝපායික වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් අතුරින් 16 ක් අලාභ වාර්තා කරන මට්ටමට ඇද වැටී තිබේ. මේ අනුව අදාළ ව්‍යවසායන් 16 විසින් පසුගිය වසරේ දී වාර්තා කර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 87 කි.

    රාජ්‍ය ව්‍යවසායන් හි සමස්ත වත්කම් පදනම 2017 වසර තුළ දී 13.6% කින් වර්ධනය වී තිබේ. රය දළ ජාතික නිෂ්පාදිතය මෙන් 56.8% ක් බව ගණන් බලා ඇත.

    2017 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.