රාජ්‍ය සේවකයින්ගෙන් 1/5 කට මානසික ආතතිය

October, 11, 2017

කලබලකාරී ජීවිතය. වාණිජකරණය, ආර්ථික රටාවන් ආදි කරුණු හේතුවෙන් රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ගෙන් 1/5 ක් මානසික ආතතියට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි.

මෙවර මානසික සෞඛ්‍ය දිනය සැමරුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බවත්, එය මේ වසරේ ඇති අභියෝගයක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.