රුපියල ගැන මහ බැංකුව මෙසේ කියයි

    August, 1, 2024

    ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ ජූලි මාසය තුළ දී විටින් විට යම් විචලනයන් පෙන්නුම් කළද පුළුල් ලෙස ස්ථාවරව පැවතුනි.

    2024 වසරේ ජූලි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 7.1කින් අතිප්‍රමාණය විය.

    මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ ජූලි මස 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා රුපියලෙහි වූ නාමික අතිප්‍රමාණයට අනුකූලව 2024 වසරේ ජූනි මාසය දක්වා වසර තුළ දී මුදල් වර්ග 24කින් සැදුම්ලත් පැස මත පදනම් වූ මූර්ත සඵල විනිමය අනුපාතිකය (මූ.ස.වි.අ) අත්ප්‍රමාණය විය. ඒ අනුව මෙම කාලපරිච්ඡේදය තුළ දී විදේශීය තරගකාරීත්වයෙහි අඩු වීමක් පිළිඹිබු කරමින්, මූ.ස.වි.අ 24හි දර්ශකය 2023 වසරේ දෙසැම්බර් මස අවසන් වන විට පැවති 70.2 සිට 2024 වසරේ ජූනි මස අවසානය වන විට 75.2ක් දක්වා ඉහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.