September, 7, 2022
අද (07) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 116.94 (1.25%) කින් ඉහළ ගොස් ඒකක 9,447.27 ලෙසින් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 131 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, එක්ස්පෝලංකා හෝල්ඩින්ස්, ලංකා IOC යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 19.77කින් හෙවත් 0.66% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,017.97 ක් ලෙසින් දැක්වුණි.

අද දින රු. බිලියන 6.08 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර මෙහිදී කැපී පෙනන කරුණක් වූයේ රු. බිලියන 2.39 විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වීමයි. ඒ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි රු. බිලියන 2.25ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ද වාර්තා විය.
මේ අතර අද දිනයේ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.68 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.98 ක් ලෙසින් සටහන් වූ අතර වාර්තා වූ විදේශීය විකිණුම් ප්‍රමාණය රු. මිලියන 99.75 කි.
Video Story