April, 11, 2025
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කරයි.
මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25 කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්තානයක් ලෙස සළකනු ලබයි.
සහස්දනවි විදුලි බලාගාරය: පුනර්ජනන ශක්තිය සඳහා නම්‍යශීලී සහය
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය. එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිතය. තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද නියමිතය.
මෙම බලාගාරය ප්‍රතිවායුකෘත - ද්‍රවීකෘත ස්වාභාවික වායුව (R-LNG) භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති අංශයට අත්‍යවශ්‍ය සහයක් සපයන අතර විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ සුළං වේගය අඩු වන අවස්ථාවලදී එම බලාගාරයට ඉල්ලුම අනුව ක්‍රියාත්මක කළ හැකි නම්‍යශීලී බලශක්තියක් සැපයීමට හැකි වේ. එමගින් එයට සූර්ය හා සුළං විදුලි උත්පාදන වල ඇතිවන වෙනස්කම් සමතුලිත කිරීමට හැකියාව ඇත. 2028 වන විට, සහස්දනවි සහ අනෙකුත් එවැනි බලාගාර සියල්ල ඩීසල් ඉන්ධනයෙන් සම්පූර්ණයෙන්ම R-LNG වෙත පරිවර්තනය කෙරෙණු ඇත. එම පරිවර්තනයෙන් පසු ඉන්ධන පිරිවැය ආසන්න වශයෙන් 50% කින් අඩු කර ගත හැකි වන අතර, දූෂිත වායු විමෝචන ප්‍රමාණයද සැලකිය යුතු ලෙස පහළ දැමිය හැක. මෙම පරිවර්තනය මගින් ශ්‍රී ලංකාව සූර්ය හා සුළං විදුලි ජනන ධාරිතාව පුළුල් කරගනු ලබන අතර, ජාතික විදුලි ජාලයේ අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය රැකගනු ඇත.
පරිවර්තනය බලගැන්වීම: විදුලිබල මණ්ඩලයේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති පැතිකඩ
ශ්‍රී ලංකාවේ මෙතෙක් සටහන් වූ ඉහළම විදුලිබල පාරිභෝගික ඉල්ලුම මෙගාවොට් 2800කි. 2025 පෙබරවාරි මස අවසාන වන විට ක්‍රියාත්මක පුනර්ජනනීය විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 3953 ක් දක්වා ළඟා වී තිබුණි. එම ධාරිතාව සමන්විත වන්නේ,
ජලවිදුලි : මෙගාවොට් 1926 | සුළං : මෙගාවොට් 266 |
වහල මත සූර්ය : මෙගාවොට් 1544 | ඩෙන්ඩ්‍රෝ හා ජෛව ස්කන්ධ : මෙගාවොට් 44 |
භූමිය මත සූර්ය බලශක්තිය : මෙගාවොට් 163 | ඝණ අපද්‍රව්‍ය : මෙගාවොට් 10 |
වර්තමාන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලි ජනන ධාරිතාවය උපරිම ඉල්ලුමට වඩා ඉහළ වුවද, ජලවිදුලි, සුළං සහ සූර්ය බලශක්තිවල සෘතුමය වෙනස්වීම් හා නිතර වෙනස්වන සුළු ස්වභාවය නිසා රටේ මුළු විදුලි උත්පාදනයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 55 කට පමණ සීමා වේ. කෙසේ වෙතත්, සියළුම අවස්ථාවලදී ජාතික විදුලි ජාලයේ පාරිභෝගික ඉල්ලුම හා පුනර්ජනනී හෝ අනෙකුත් මූලාශ්‍රයන්ගෙන් උත්පාදනය වන විදුලි ජනනය හරියටම සමානව පැවතිය යුතුය.
විදුලිබල සහ කාර්මික ක්ෂේත්‍රයට සහය වන නවීන LNG යටිතල පහසුකම්
2024 දෙසැම්බර් මාසයේදී රජය, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රමුඛව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ LNG සැපයුම් යටිතල පහසුකම් පිහිටුවීම අනුමත කළේය. මෙම ව්‍යාපෘතියෙන් පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය
මෙම යටිතල පහසුකම් මඟින් දැනට තෙල් දහනය කරමින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ස්වභාවික වායු (NG) වෙත පරිවර්තනය කිරීමට අවස්ථාව සලසයි. එසේම, වීදුරු, ටයිල්, සෙරමික් වැනි කර්මාන්තවල උණුසුම් කිරීමේ අවශ්‍යතා සඳහා වඩා පිරිසිදු හා පිරිවැය-ඵලදායී බලශක්තියක්ද සපයයි. එමඟින් ඔවුන්ගේ උණුසුම් කිරීමේ පිරිවැය උපරිම 40% දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත.
අඩු මිලට විදුලිබලය සැපයීම
R-LNG භාවිතා කර සංයුක්ත චක්‍රීය මෙහෙයුම්වලට මාරුවීමෙන් පසු, සහස්දනවි බලාගාරයේ ජනන පිරිවැය විදුලි ඒ්කකයක් සඳහා රුපියල් 37 ක් පමණ වනු ඇත. එමඟින් ගෘහස්ත, ව්‍යාපාර හා කාර්මික අංශ සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථාව උදා වන අතර, දේශීය ආර්ථිකයේ ස්ථාවරභාවය ශක්තිමත් වනු ඇත.
සුරක්ෂිත සහ තිරසර විදුලි පද්ධතියක් සංවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය අනාගතයට සූදානම් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විශාල පරිවර්තනීය ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි:
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ සියලු දෙනාට විශ්වසනීය, අඩු මිල සහ තිරසර විදුලිබලය සැපයීමයි. තවද, ශ්‍රී ලංකාව ෆොසිල ඉන්ධන වලින් ඉවත්ව පුනර්ජනනී බලශක්තිය දෙසට ගමන් කරන මේ සංක්‍රමණයේදී, අවශ්‍ය විදුලි ජාල ස්ථාවරතාවයද මෙම ව්‍යාපෘතීන් හරහා සහතික කරනු ලබයි.
ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික විදුලි පද්ධතිය, එහි අභියෝගයන්ට මුහුණදීම සඳහා ශක්තිමත්ව බලගැන්වීමේ පරිශ්‍රමයක යෙදී සිටින බැවින්, ඒ් පිළිබඳව රටේ මහජනතාවගේ අවබෝධය හා අඛණ්ඩ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටී. ලංකා විදුලිබල මණ්ඩලය, ජාතියට තිරසර සහ අඩුම මිලට විදුලිබලය සැපයීම වෙනුවෙන් මුළුමනින්ම කැපවී කටයුතු කරමින් සිටී.