ලොව ප්‍රමුඛ පෙළේ සර්වොස්කි ආයතනය ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් අරඹයි

May, 17, 2017

වාණිජ වටිනාකමකින් යුත් ගල් වර්ග හා කෘතිම දියමන්ති කැපිමේ හා ඔප දැමිමේ ලොව ප්‍රමුඛ පෙළෙ සමාගමක් වන සර්වොස්කි ආයතනය ( Swarovski Gemstones) සිය නවතම විලාසිතා පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදි පැවැත්වුණා.

මෙම අවස්ථාවට මෙරට ස්වර්ණාභරණ ක්ර්ෂේත්රය නියෝජනය කරන පුමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් එක්ව සිටියා.

සර්වොස්කි ආයතනයේ ආසියානු පැසිෆික් කලාපීය මෙහෙයුම් පිලිබද උප සභාපති කර්ට් සිබින්ඩන් මහතා මෙහිදි අදහස් දක්වමින් සදහන් කලේ වෙළදපොල හැසිරෙන ආකාරය වසර 2 කට පෙර පුරොකථනය කර සිය විලාසිතා හදුන්වා දිම සර්වොස්කි ආයතනයේ සුව්ශේෂිත්වය බවයි.

ඒ අනුව 2018 වසර සදහා Greyish Blue (SWAROVSKI ZIRCONIA ), Misty Rose (SWAROVSKI GENUINE TOPAZ) , Purplish Pink ( SWAROVSKI ZIRCONIA )ලෙස වර්ණ 3 කින් සර්වොස්කි ආයතනය සිය නව විලාසිතා හදුන්වා දී තිබෙනවා.

ඊට අමතරව පුෂ්පයක හැඩය පදනම් කර ගනිමින් Violet Cut White , පත්රයක හැඩය අනුව Leaf Cut White ද, වෙළද පොලේ ඉහල ඉල්ලුමක් ඇති දියමන්ති හැඩය පදනම් කර ගනිමින් Side View Cut White ලෙසද සිය නවතම නිෂ්පාදන සර්වොස්කි ආයතනය හදුන්වා දුන්නා.

සර්වොස්කි ආයතනයේ ආසියානු පැසිෆික් කලාපීය මෙහෙයුම් පිලිබද උප සභාපති කර්ට් සිබින්ඩන් මහතා සදහන් කලේ හෙට ලොව විලාසිතා අද දකිමින්, ඉදිරිපත් කර ඇති මෙම නව නිෂ්පාදන පෙළට ලොව ප්රමුඛ පෙලේ සමාගම් අබ්බැහි වු අකාරයටම, ශ්‍රී ලාංකේය වෙළද පොල තුලද සර්වොස්කි නිෂ්පාදන පෙරළියක් කරනු ඇති බවයි.

1895 වසරේ ආරම්භ කල සර්වොස්කි ආයතනය ඔස්ට්‍රියාව මුලාස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් රටවල් 170 වෙළදසැල් 2680 ක අධික ගණනක සිය නිෂ්පාදන අලෙවි කරනවා.

3Swaroski

1(5)

2(1)