ලොව ප‍්‍රථම ලිනන් සරොම් හමීඩියා වෙතින්

    April, 19, 2017

    සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟින් සාම්ප‍්‍රදායික සරොමට නව අර්ථකථනයක් ගෙන දෙමින් හමීඩියා ආයතනය විසින් ලොව පළමු ලිනන් සරොම් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. ඉතා සුවපහසු ඇඳුමක් ලෙස සැලකෙන සරොම පිළිබඳ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා සන්නාමය හිමි සමාගම වන හමීඩියාහි අවධානය හිමි වී තිබේ. වසරක කාලයක් පුරා විවිධ වූ අත්හදා බැලීම්වල නිරත වූ හමීඩියා ආයතනය ලෝක මට්ටමේ උසස් විලාසිතාවක් පරිවර්තනය කිරීමට සමත් වී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ පිරිමි විලාසිතා ඇගලූම් සම්බන්ධ විශේෂඥයෙකු වන හමීඩියා පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ෆවුසුල් හමීඞ් මහතා පවසන්නේ ,අප විසින් හඳුන්වා දී ඇති මෙම සරොම් වර්ගය විශේෂිත වන්නේ සම්පූර්ණ රෙදිකඩ ම කිසිදු මැහුමකින් හෝ සම්බන්ධ කිරීමකින් තොරව නිර්මාණය කිරීම යි. විශිෂ්ඨතම අයුරින් නිමා වූ ඇගලූම් කෙරෙහි ඇලූම් කරන මහත්වරුන් වෙනුවෙන් නවතම විලාසිතා නිර්මාණ ඉදිරිපත් කිරීම කෙරෙහි අප තුළ ඇති ආශාව නිසා ඇත්ත වශයෙන්ම මෙම සරොම නිර්මාණය වුණා. පිරිමි විලාසිතා සඳහා නවතාවක් එක් කිරීමට සහ අපගේ සුවිශේෂිත වූ විලාසිතාවන් තුළින් හොඳම දේ පාරිභෝගිකයා වෙත ලබා දීමට කෙරෙන පරිශ‍්‍රමය ඔස්සේ ඔවුන් වෙනුවෙන් නිමැවෙන සරොම් සඳහා උසස් සුවපහසුවක් සහ මනා නිමාවක් සංයෝජනය කිරීමට අප වග බලා ගන්නවා. ශී‍්‍ර ලාංකික සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇති ඇඳුමක් වන සරොම සඳහා මෙවැනි නවතාවක් ගෙන දීම බෙහෙවින් යෝග්‍ය වෙනවා. ඊට හේතුව වන්නේ මෙම සාම්ප‍්‍රදායික ඇඳුම ලෝකයේ විලාසිතා ප‍්‍රවණතාවන් සමඟ මනා ලෙස ගැළපීමත් එය ඕනෑම උත්සව අවස්ථාවකට සුදුසු වීමත්ය. පසුගිය වසර ගණනාවක කාලය තුළ දී සරොම සමාජ කණ්ඩායම් අතර ප‍්‍රසිද්ධියට පත් වූ අතර මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උදාවේ දී අපගේ අභිප‍්‍රාය වන්නේ විලාසිතා පිළිබඳ සැලකිලිමත් වන පිරිමින් වෙනුවෙන් සාම්ප‍්‍රදායික ඇඳුම් විශිෂ්ට ම ආකාරයකින් තිළිණ කිරීමයි.,

    සරොම සඳහා භාවිත කරන ලද රෙදි වර්ගය මඟිින් ම වාටියක් නිර්මාණය කරන ලද ලොව ප‍්‍රථම සරොම වන්නේ ද මෙයයි. විවිධ වූ නිමාවන්ගෙන් සහ සරල බවකින් යුක්ත ව මෙම සරොම් වෙළෙඳපොළට නිකුත් වෙයි. ඒවා අතිරේක පහසුවක් ඇති කිරීම සඳහා පෙර-සේදුම් ක‍්‍රමය අනුව නිමවා ඇති අතර පැහැදිලි කැපුම් සහ හොඳින් සකස් කරන ලද මෝස්තර හා ආකර්ෂණීය වර්ණවලින් සමන්විත වේ. මෙම ලිනන් එකතුව තුළට කමිස, කලිසම්, ජැකට්, කුර්තා, සරොම්, ටයිපටි, බෝ සහ පොකට් ස්ක්වෙයාර් ආදිය ඇතුළත් වේ. ඞීපර් හියුස් සිට මියුටඞ් පැස්ටල් දක්වා වූ විවිධ වර්ණ 30කින් යුතුව මෙම ලිනන් සරොම් වෙළෙඳපොළට පැමිණෙයි.

    පුළුල් පරාසයක් තුළ භාවිත කළ හැකි වන පරිදි නවතම ලිනන් සරොම් නිර්මාණය කර ඇති අතර දිවා කාලය සඳහා ගැළපෙන අයුරින් මෙන් ම, ස්මාර්ට් කැෂුවල් , ෆෝමල් සහ උත්සව අවස්ථා සඳහා ගැළපෙන අයුරින් නිර්මාණය වී ඇත. ටියුනික්, රවුන්ඞ් හෝ ස්ටෑන්ඩර්ඞ් කොලරයන් ඇති ඕනෑම කුර්තාවක් සමඟින් ඇූඳීමට හැකි වන ලෙස ඒවා සකස් කොට තිබේ. පින් ටක්ස්, එම්බ්‍රොයිඩර් සහ ලේසර් කට් ආදී ක‍්‍රම මගින් සරොම් විලාසිතා නිර්මාණය කර ඇත.

    වඩාත් ස්වභාවික, සැහැල්ලූ, ලින්ට් රහිත සහ දිගුකල් පවතින අයිරිෂ් නූල් මඟින් නිපදවන ලද ලිනන් මෙම අමුද්‍රව්‍ය සඳහා බොහෝ විට යොදා ගෙන තිබේ. මෙම අමුද්‍රව්‍යයන්හි ඇති නිමාව මඟින් එය අඳින්නා හට නිතැතින් ම ආකර්ෂණීය බවක් ගෙන දෙන අතර කිසිදු ආකාරයක අපහසුවක් ඇති නොකරයි. කොරොසෝ බොත්තම් භාවිත කිරීම නිසා මෙම ඇගලූම්වලට අතිරේක වටිනාකමක් ද එක් වී ඇත. මෙම කොරොසෝ බොත්තම් නිර්මාණය කර ගැනෙන්නේ කොරොසෝ නම් ශාඛ වර්ගයේ ඇටවලිනි.

    අනාදිමත් කාලයක සිට විලාසිතා ගැන මෙන් ම සුව පහසුව පිළිබඳ සැලකිලිමත් වන ප‍්‍රභූ ජනතාවගේ සිත් දිනා ගැනීමට ලිනන් ඇගලූම්වලට හැකි වී තිබේ. මෙම නවෝත්පාදක නිමැවුම මඟින් අපේක්ෂිත ප‍්‍රතිඵලය ළඟා කර ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ. ලිනන් සෞඛ්‍යාරක්ෂිත ඇගලූම් විශේෂයක් ලෙස ද සලකනු ලැබේ. බැක්ටීරියාවලට එරෙහිව කටයුතු කිරීමට ඇති හැකියාව, එම නිෂ්පාදන මිළ දී ගැනීම සඳහා අතිරේක වටිනාකමක් එක් කර දෙයි. විනාශකාරී ඹඪ කිරණ සහ හිරු එළියෙන් ඇති වන අහිතකර බලපෑම්වලින් ද සම ආරක්ෂා කර දීම ලිනන් ඇගලූම් මගින් සිදු වෙයි.

    ලිනන් ඇගලූම් සඳහා මෑත කාල වකවානුවේ දී ඉමහත් ජනප‍්‍රසාදයක් හිමි වූ අතර විවිධ හේතු ගණනාවක් හේතුවෙන් සුපිරි තරු අතර ද ප‍්‍රසිද්ධියක් දිනා ගැනීමට සමත් වී ඇත. ෆයිබර් සහිත ඇගලූම් මෙන් නොව ලිනන් මඟිින් ශීත කාලවල දී ආරක්ෂාව ලබා දීම මෙන්ම ග‍්‍රීෂ්ම කාලයේ දී මනා සුව පහසුවක් ලබා දීම ද සිදු වෙයි. මේ හේතුවෙන් ලිනන් ඇගලූම් සෑම ඍතුවක් සඳහා ම හොඳින් ගැළපේ. තෙතමනය උරා ගැනීම අතින් ලිනන්, කපු රෙදිවලට වඩා හොඳින් ක‍්‍රියා කරන බව පෙනී ගොස් තිබේ. එබැවින්, ලිනන් ඇගලූම් පැළඳ සිටීම පහසු වන අතර එබැවින් එය විවිධ වූ අවස්ථාවන් සඳහා ගැළපේ.

    විශිෂ්ඨ නිමාවකින් සහ ශරීරයට සුව පහසුවක් ගෙන දෙන හමීඩියා ආයතනයේ ලිනන් නිෂ්පාදන විලාසිතාවන් ප‍්‍රිය කරන ශ‍්‍රී ලාංකිකයන් මෙන්ම විදෙස්ගත ව සිටින ශ‍්‍රී ලාංකිකයන් අතර ද ඉමහත් ජනප‍්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම ලිනන් නිෂ්පාදන එකතුව වෙනත් සකස් කිරීමකින් තොරව ඇඳීමට හැකි වන ආකාරයෙන් වෙළෙඳපොළේ දී මිළ දී ගැනීමට ඉඩ සැලසෙන අතර ශරීරයට මනා ලෙස ගැළපෙන ආකාරයෙන් නිමවා ඇත. එසේම, එක් එක් පුද්ගලයාගේ ස්වභාවය අනුව ගැළපෙන ලෙස ද ඒවා නිමවා තිබේ. විවිධ වූ වර්ණ ගළපා ගැනීමට සහ විවිධ වර්ණ මුසු කර ගැනීමට ද අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලැබී තිබේ. එසේම, තමන්ට ඉතා හොඳින් ගැළපෙන විලාසිතාව තෝරා ගැනීමට හැකි වන පරිදි විවිධ වූ තෝරා ගැනීම් රාශියක් ඔවුන් හමුවේ ඇත. අලූත් අවුරුදු සමය උදා වීමට නියමිත ව පවතින අවස්ථාවක මෙම ලිනන් නිෂ්පාදන කිසියම් අයෙකුට ත්‍යාග වශයෙන් ලබා දීමට බෙහෙවින් යෝග්‍ය වන අතර තෑගි පාර්සල් සඳහා මනා ලෙස ගැළපෙන්නකි.