April, 24, 2025
පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වුවද ඊයේ (23) දිනයෙහි එහි පසුබැස්මක් වාර්තා වූ අතර අද (24) දිනයේ ද මේ දක්වා යම්කිසි පසුබෑමක් දක්නට ලැබේ.
අද (24) වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,333.90 ක් දක්වා පහළට පැමිණ ඇති අතර එය පසුගිය 22 දා වන විට ඩොලර් 3,500 මට්ටමට පැමිණ තිබුණි.
GOLDCeylon Gold News Network පසුගිය 22 දා වන විට හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක මිල රු. 255,000ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර අද (24) වන විට එහි වටිනාකම රු. 245,700 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
එසේම අප්‍රේල් 22 දින රු. 277,000 ක් ලෙසින් වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල අද (24) වන විට රු. 267,000 ක් දක්වා අඩු වී තිබේ.
Video Story