වර්තමානයේ කොටස් අත්පත් කර ගන්නා ශ්‍රී ලාංකික ආයෝජකයින්ට සැලකිය යුතු ප්‍රාග්ධන ලාභ ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවි – අජිත් නිවාඩ් කබ්රාල්

    September, 8, 2020

    “වර්තමානයේ කොටස් අත්පත් කර ගන්නා ශ්රී ලාංකික ආයෝජකයින් ඉතා ඉක්මණින් සැලකිය යුතු ප්රාග්ධන ලාභ භුක්ති විඳිනු ඇතැයි" මුදල් හා ප්රාග්ධන වෙළෙඳපොළ රාජ්ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සැප්තැම්බර් 4 වන සිකුරාදා මුදල් අමාත්යාංශයේ දී ශ්රී ලංකාවේ කොටස් තැරැව්කරුවන් අමතමින් ප්රකාශ කළේය.
    2014 දෙසැම්බර් මස අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 7300 ක් පමණ වූ බවත් සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධන වටිනාකම (market capitalisation) ඇමරිකානු ඩොලර් බිලියන 25 ක් පමණ වූ බවත් කබ්රාල් මහතා සිහියට නැංවීය. ඒ අතර, පසුගිය වසර 5 තුළ බොහෝ සමාගම් සාධාරණ ලාභ රැස් කරගෙන තිබියදීත් සහ ඔවුන්ගේ ශේෂ පත්ර වර්ධනය වී තිබියදීත්, සමස්ථ කොටස් මිල දර්ශකය වර්තමානය වන විට ඒකක 5300 ක් දක්වා හැකිලී, වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක් දක්වා අඩු වී තිබී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
    මෙම තොරතුරුවලින් පැහැදිලි වන්නේ කොටස් මිල දර්ශකය අද වන විට ඉතා ඉහළ අගයක් ගෙන තිබිය යුතු අතර සමස්ත වෙළඳපල වටිනාකම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිය යුතු බවයි.
    අද වන විට නව රජයේ ප්රතිපත්ති සහ ස්ථාවර භාවය නිසා, මුළු ආර්ථිකය කෙරෙහි සහ කොටස් වෙළඳපල කෙරෙහි ඇති විශ්වාසය නැවත ඇතිවෙමින් පවතින බැවින් ආර්ථික ක්රියාකාරකම් නුදුරු කාලීනව ඉහළ යනු ඇති අතර ඒ අනුව නුදුරු අනාගතයේ දී කොටස්වල තක්සේරු කිරීම් ඉහළ යාමට විශාල ඉඩකඩක් ඇති බව ඉතා පැහැදිලි යයිද කබ්රාල් මහතා වැඩිදුරටත් විග්රහ කළේය.
    එබැවින් විදේශිකයන් ශ්රී ලංකාවට පැමිණීමට උත්සාහ කිරීමට පෙර ශ්රී ලාංකික ආයෝජකයින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට, කොටස් තැරැව්කරුවන් උනන්දු කළ යුතු බව කබ්රාල් මහතා පැවසීය.
    මුදල් වෙලඳපොල දැන් තරමක් ද්රවශීලතාවට පත්ව ඇති බවත්, බැංකු හා මූල්ය සමාගම්වල මුළු තැන්පතු රුපියල් බිලියන 10,000 ඉක්මවන බවත් කබ්රාල් මහතා තවදුරටත් පෙන්වා දෙමින් පවසා සිටියේ එවැනි තැන්පතු වලින් අවම වශයෙන් 1% ක් වත් කොටස් වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන ලෙසත්, එසේ වුවහොත් එම අගය රුපියල් බිලියන 100 ක් පමණ වන බවත්ය. වර්තමාන අඩු පොලී කාලය තුළ එය කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහු කොටස් තැරැව්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
    එවැනි ආයෝජන රැල්ලක් කොටස් වෙලඳපොලට විශාල රුකුලක් වනු ඇති බවත්, කොටස් ආයෝජකයින්ට කොටස් වෙළඳපොලේ ස්ථාවර අඩිතාලමක් ලබා ගැනීමට එම ආයෝජන ඉතා හොඳ වේදිකාවක් වනු ඇති බවත් කබ්රාල් මහතා අවධාරණය කළේය.
    සිය සුවපහසු කලාප (comfort-zones) වලින් ඉවත් වී වඩාත් ක්රියාශීලී වන ලෙසද කබ්රාල් මහතා කොටස් තැරැව්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. "ඔබ දැන් රට පුරා ගොස් මෙම අවස්ථා ශ්රී ලාංකික ආයෝජකයින්ට පැහැදිලි කොට මෙම වෙළඳපොළට පිවිසීමට ඔවුන් දිරිමත් කිරීමට කාලය පැමිණ ඇතැයි" ඔහු පැවසීය. විදේශීය ආයෝජකයින් නැවත පැමිණෙන තෙක් උදාසීනව බලා නොසිට, දේශීය ආයෝජකයින් සමඟ ක්රියාකාරීව සම්බන්ධ වන ලෙසද ඔහු තැරැව්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
    "ඒ ආකාරයෙන්, විශේෂයෙන්ම අඩු පොලී අනුපාත සැලකිල්ලට ගනිමින්, දේශීය ආයෝජකයින්ට වර්තමාන අවපාතයට ලක්ව ඇති කොටස් වෙළඳපොලෙන් ප්රතිලාභ ලබා ගත හැකි" බව ඔහු තවදුරටත් පැවසීය. දැන් ආයෝජනය කරන අයට පසුව ආයෝජනය කරන අයට වඩා වාසි ලැබෙනු ඇති බවද රාජ්ය ඇමති කබ්රාල් මහතා තවදුරටත් අවධාරණය කළේය.