වරාය – ජය බහලු සේවා ගාස්තුවල වෙනසක්

November, 7, 2018

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහලු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළඳපළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට සහ වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.