වසර 5 කට පසු මුල් වරට සියලු කොටස් මිල දර්ශකය හත්දහසේ සීමාව පසුකරයි

    January, 6, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (06) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 7,000 කඩඉම පසුකරනු ලැබීය.

    2015 නොවැම්බර් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 සීමාව පසුකරන ලද පළමු අවස්ථාව මෙයයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2010 ඔක්තෝබර් 01 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 සීමාව පසුකරන ලදී.