ව්‍යාපාරික සංචාරකයින්‍‍ ඉලක්ක කරගනිමින් කොළඹ ඉදිවූ අලුත්ම හෝටලය මෙන්න

August, 13, 2019

Elyon හෝටල සමූහ ව්‍යාපාරය විසින් සිය සත්කාරකත්වයේ නව යුගය නිරූපණය කරමින් මෙරටට පැමිණෙන ව්‍යාපාරික සංචාරකයින් සඳහා ‘Elyon Colombo’දොරටුව විවෘත වූ වගයි.

අගෝස්තු 1 වනදා කොළඹ Orion City හිදී විවෘත කෙරුණු ස්මාර්ට් තාක්‍ෂණය සහ සම්මානලාභි ගෘහ නිර්මාණ ශීල්පයේ නිර්මාණත්මක සංකල්පයක් අනුව නිර්මාණය කර ඇති ‘Elyon Colombo’ අති නවීන පහසුකම් රැසකින් සමන්විත ය. සංචාරක ව්‍යාපාරිකයින්ට තම ව්‍යපාරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්  සියල්ල සහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන්   MICE (Meetings, Incentives, Conventions and Exhibitions) ලෙස හැඳින්වෙන ව්‍යාපාරික සංචාරකයින් සඳහා මෙහි සියලු පහසුකම් සකසා ඇත.

‘Elyon Colombo’ හෝටලය දියත් කිරීම පිළිබදව අදහස් දැක්වූ Elyon හෝටල සමූහයේ නිර්මාතෘ ප්‍රසන්ත ජයමහ මහතා සඳහන් කළේ තමන් වෙත පැමිණෙන අමුත්තන්ට ආවේණික සහ සුවිශේෂි වූ සත්කාර කිරීමට නිරන්තරයෙන් Elyon හෝටල සමූහය කටයුතු කරන බවයි. එය ආදර්ශ කොට ගනිමින් මෙම නව ‘Elyon Colombo’හෝටලය ද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා පැමිණෙන ව්‍යාපාරික සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් සඳහන් කළේය. විශේෂයෙන් වඩා නම්‍යශීලි සහ සුහදශීලි සේවාවක් සපයමින් එම ව්‍යාපාරික සංචාරකයින්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා උසස්තම පහසුකම් ලබාදීමට ‘Elyon Colombo’ සූදානම්  බව හෙතෙම සඳහන් කලේය.

මීට අමතරව ‘Elyon Colombo’හෝටලය  Orion City Park වෙත පහසුවෙන් සමීප විය හැකි ස්ථානයක පිහිටා තිබීම ද මෙහි ඇති විශේෂත්වයකි. Orion City Park වෙත පැමිණෙන ව්‍යාපාරික සංචාරකයින්ට මෙන්ම  කොළඹ, කොටුව , දෙමටගොඩ සහ කැළණිය ආදී නගර වෙත පහසුවෙන් සමීප විය හැකි ස්ථානයක ‘Elyon Colombo’පිහිටා තිබේ.

Orion City හි අධ්‍යක්ෂ E. J. ඥානම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ව්‍යාපාරික සංචාරකයන්ට නේවාසිකව සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා Orion City ගොඩනඟා ඇති බවයි. එම පහසුකම් වලට අමතර වටිනාකමක් එක් කරමින් ඇරඹෙන ‘Elyon Colombo’මඟින් ව්‍යාපාරික සංචාරකයින්ගේ වෙත පිරිනැමෙන පහසුකම් තවදුරටත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.  ව්‍යාපාරික සංචාරකයින්ට සැලසුම්  රැස්වීම් පැවැත්වීමට, අමුත්තන් හමුවීමට සහ  විනෝදවීමට  මෙන්ම දේශීය සහ  විදේශීය  සේවා දායකයින්ට නවාතැන් ගැනීමට  අවශ්‍ය පහසුකම් සහිතව ‘Elyon Colombo’නිමවා ඇති බව සඳහන් කළ හෙතෙම කියා සිටියේ Orion City හි සේවා දායකයින් වෙත මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.

මෙම හෝටලය Deluxe Sun Rise rooms මෙන්ම   Deluxe City View rooms, සහ   premium suite හා  lavish Elyon Suite යනාදී කාමර වලින් යුක්ත වෙයි. අධිවේගී අන්තර්ජාල පහසුකම්, 49” LCD TV  ආදීය සහිත මෙම කාමර උපරිම සුව පහසුව සහිත සුපිරි  පහසුකම් වලින් සමන්විත වෙයි. මෙම හෝටලයේ සිට කුරියර් සේවා, පැය 24 පුරා ක්‍රියාත්මක snack kiosk,ගුවන් තොටුපොළ දක්වා ප්‍රවාහන පහසුකම්, විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා වන පහසුකම් ආදී සේවාවන් රැසකින් සමන්විත වෙයි. ආහාර පාන සඳහා Mintaka Restaurant සහ  VU19 - a vibrant and sociable bar ආදී පහසුකම් වලින්ද ‘Elyon Colombo’සමන්විත වන අතර 20 වන මහලේ පිහිටා ඇති සියලු පහසුකම් සහිත කාය වර්ධන මධ්‍යස්ථානයද ව්‍යාපාරික අමුත්තන්ට විවෘත වෙයි. ‘Elyon Colombo’වෙත පැමිණෙන අමුත්තන් සඳහා පැමිණීමේ සිට පිටවීම දක්වා ඉහළ මට්ටමේ සත්කාරක සෙවා සැපයීමට අවශ්‍ය සියලු කටයුතු යොදා තිබේ.

රැස්වීම්, අවස්ථා ආදී ව්‍යාපාරික අවශ්‍යතා සියල්ලම සඳහා ‘Elyon Colombo’ හෝටලය උසස්තම පහසුකම් වලින් සමන්විත රැස්වීම්  සහ උත්සව ශාලා තුනකින් සමන්විත වෙයි. ඒ අතර 120 දෙනෙකුට උත්සව පැවැත්විය හැකි Sky Function Hall ආයතිනක අවශ්‍යතා සඳහා ඉතා යෝග්‍ය වෙයි.  ආවේණික නිර්මාණාත්මක ආකෘති වලින් සහ නවීන තාක්ෂණයෙන් අනූනව  මෙම ශාලා  නිමවා තිබේ.

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තෙටුපලේ සිට විනාඩි 20 ක දුරකින් පිහිටා ඇති‘Elyon Colombo’හෝටලය  පාරිභෝගිකයා ප්‍රමුඛ කොට ගත්  ආවේණික පාරිභෝගික සත්කාරක සේවා පූර්වාදර්ශ කර ගනිමින් කටයුතු කරයි.