වාලච්චේන කඩදාසි කම්හලේ ‘ශ්‍රීපත්‘ රජයේ මුද්‍රණ කටයුතුවලට

    October, 27, 2020

    මේ වන විට රජයේ මුද්රණාලයේ මුද්රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම අද (27) දිනයේ දී රජයේ මුද්රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවාය.
    මෙම කටයුත්ත නාරාහේන්පිට පිහිටි ජනමාධ්ය අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ සහ ජනමාධ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
    දශක ගණනාවක් තිස්සේ වසා දමා තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කර එමඟින් ‘ශ්රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ පළමු තොගය වෙළඳපොළට නිකුත් කිරීම එවකට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණේ 2020 අගෝස්තු 02 වැනිදා ය.
    එදින සිට පෞද්ගලික අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා සැපයුම් සිදු කළ වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්රණ කටයුතු සඳහා නිසි ප්රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි.
    ඒ අනුව රජයේ මුද්රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කොට එතුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ‘රාසේපි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්රාෆ්ට් කඩදාසි, පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්රස්ටල් බෝඞ් නිසි ප්රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ.
    ඉහත කී ටොන් 20ක කඩදාසි තොගයේ නිල ඇණවුම භාර දෙන අවස්ථාවෙහි එම තොගය සංකේතාත්මක නිරූපණය කරමින් අදාළ කඩදාසි වර්ග තුනෙහි සාම්පල අමාත්ය විමල් වීරවංශ මහතා විසින් අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිළිගන්වනු ලැබුවේය.
    මෙම අවස්ථාවට ජාතික කඩදාසි සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද එක්ව සිටියේය.