වැට් බදු ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් ඇති වෙයිද?

May, 31, 2016

2016 මැයි මාසයේදී එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ප්‍රතිශතය 15% දක්වා ඉහළ ගියේය. මේ අනුව සිදු විය හැකි ක්ෂුද්‍ර ආර්ථීක ප්‍රතිඵල කවරේද යන්න විමසනු වටී.

මෑතකදී එවර්ජොබ්ස් ආයතනය විසින් වැට් බද්ද ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමග සාකච්ඡා කරන ලදි.

එවර්ජොබ්ස්: මෑතක සිට වැට් බද්ද ඉහළ යාම පිළිබඳව ඔබ පොදුවේ දරන මතය කුමක්ද?

මහාචාර්ය සිරිමල්: වාර්ෂික බදු ආදායමට වඩා වැඩි ණය මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති පසුබිමක් තුළ අයවැය පරතරය අඩු කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ඉහළ බදු අනුපාත හඳුන්වා දෙනු ලැබ තිඛෙනවා.

අයවැය පරතරය අඩු කිරීම සඳහා වර්තමානයේදී දරනු ලැඛෙන ප්‍රයත්නයන් නිසා අනාගතයේදී ක්ෂුද්‍ර ආර්ථීක ලාභාංශ මතු කෙරෙනු ඇති බවට ඇතැම් අය තර්ක මතු කරනවා. මීට හේතුව වන්නේ ජාතික ණය සම්භාරය සීමා කිරීමටත්, අනාගතයේදී තව තවත් ඉහළ බදු අය කිරීමේ අවශ්‍යතාවය තුරන් කිරීමටත් එමගින් මෙහෙයක් ඉටු වීමට ඉඩකඩ තිබීමයි. කෙසේ වෙතත්, වර්තමානයේදී පනවා තිඛෙන ඉහළ බදු ප්‍රතිශතයන්හි අරමුණ නම් හුදෙක්ම පවතින ණය සම්භාරයට මුහුණ දීම බවයි මගේ හැඟීම.

එවර්ජොබ්ස්: කෙසේ වෙතත්, වෘත්තීය සමිති හා ඇතැම් දේශපාලඥයන් මතු කරන අදහස වන්නේ වැට් බද්ද යනු ප්‍රතිගාමී බද්දක් බවයි. මේ අතරම, කෙනෙකු ආර්ථීකමය වශයෙන් ඉහළ තල වෙත ගමන් කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ අදායමෙන් වැට් ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පහත බසින බවයි. මේ ගැන ඔබේ මතය?

මහාචාර්ය සිරිමල්: එසේ කිව නොහැකියි. ආදායම් මට්ටම කුමක් වුවත් සෑම අයෙකුම බදු ගෙවන්නේ එකම බදු අනුපාතවලට අනුවයි. එහෙත්, වැඩිපුර මුදල් වියදම් කරන අයට වැට් බද්ද වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු වන බව නම් පැහැදිලියි. වටිනාකම අතින් අඩුවෙන් වියදම් කරන අයට වැට් ලෙස ගෙවන්නට සිදු වන්නේ අඩු මුදලක්.

මේ අතරම, නීති විරෝධී ව්‍යාපාරික කටයුතු වාර්තා වීමකින් තොරව සිදු වන නිසා අධික බදු පැනවීමෙන් ඒවාට අනුබලයක් ලැඛෙන බවටද කෙනෙකුට තර්ක කරන්න පුළුවන්?

එවර්ජොබ්ස්: වැට් බද්ද ඉහළ යාමෙන් රැකියා වෙළඳපොළ වෙත බලපෑමක් එල්ල වනවාද?

මහාචාර්ය සිරිමල්: එය ඇත්තටම වැට් බදු ඉහළ යාම මගින් ගනුදෙනු වෙත ඇති වන බලපෑම මත රඳා පවතින්නක්. එසේම පාරිභෝගිකයා වියදම් කරන මුදල් ප්‍රමාණයද ඊට බලපානවා. කෙසේ වෙතත්, රැකියා උත්පාදනය සඳහා එකතු වන බදු ප්‍රමාණය අසීමිතව වැඩි වනු ඇති බවක් උපකල්පනය කළ නොහැකියි. ඉදිරි වසර කිහිපය තුළ පාරිභෝගිකයින් වැය කරන මුදල් ප්‍රමාණය පහත බසින්නේ නම් යින් කිසියම් බලපෑමක් රැකියා වෙළඳපොළ වෙත එල්ල විය හැකියි.

ඉදිරි වසරවලදී සමස්ථ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා ක‍ෂුද්‍ර ආර්ථීක කාර්යසාධනය සතුටුදායක මට්ටමට වඩා පහත බැසිය හැකි අතර රැකියා උත්පාදනයද ඊට සමගාමී විය යුතුයි.

එවර්ජොබ්ස්: මෙම බදු ඉහළ යාම වෙත ප්‍රතිචාර දැක්විය හැකි වෙනත් විකල්ප කිසිවක් තිබේද?

මහාචාර්ය සිරිමල්: මෙහෙම හිතන්න. ඔබට දරාගත හැකි ප්‍රමාණයට වඩා මුදලක් ඔබ විසින් ණයට ගෙන වියදම් කර තිඛෙනවා. ඔබ විසින් ගෙවිය යුතු ණය වාරික ප්‍රමාණය ඔබේ වැටුපට වඩා වැඩියි. එවැනි අවස්ථාවක ඔබ කරන්නේ මොකක්ද? වර්තමානයේදී අපේ රට තිඛෙන්නේත් එවැනි තත්ත්වක. මේ නිසා තවදුරටත් ණය ගැනීම හා බදු අය කිරීම වැනි ක්‍රමවලින් ක්ෂණික මුදල් උත්පාදනයක් කරන්නට සිදු වෙනවා. මා හිතන්නේ මෙය අපට වැළැක්විය හැකි තත්ත්වයක් නෙමෙයි.

කෙසේ වෙතත් ආර්ථීක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වඩා සාර්ථක බදු එකතු කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම වෙත අප අවධානය යොමු කළ යුතුයි කියා මා සිතනවා. අනාගතයේදී වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් කරා යොමු වීමට නම් අඩු බදු අනුපාත, බදු පදනම පුළුල් කිරීම සහ බදු ගෙවීම් හා එකතු කිරීම් පද්ධතිය සරල කිරීම වැනි උපක්‍රම භාවිත කරන්නට සිදු වෙනවා.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැඛෙන භාණ්ඩ හා සේවා සවිමත් කිරීම හා ව්‍යාපාරික ප්‍රාග්ධන වියදම් ක්‍රමවත් කිරීම තුළින් පාරිභෝගිකයින්ගේ වියදම් ශීඝ්‍රතාව අඩු කිරීමටත්, බදු ගෙවීම සඳහාද කිසියම් මුදලක් ඉතිරි කර ගැනීමටත් ඔවුනට හැකියාවත් ඇති කිරීමටත් හේතු වනු ඇති බවට මා කල්පනා කරනවා. කෙසේ වෙතත් ලෝක ආර්ථීක තත්ත්වයද මේ කෙරෙහි බලපානවා. එසේම, ඇමරිකානු ඩොලරයට සාපේක‍ෂව රුපියලේ අගය පහත බැසීමේ බලපෑමද අපට මෙතැනදී අමතක කරන්න බැහැ.