වැට් බදු ගෙවන්න සහන කාලයක්

    March, 27, 2020

    2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ මාස දෙක සඳහා ම 2020 අප්‍රේල් 30 දක්වා මෙලෙස ගෙවීම් දීර්ඝ කර තිබේ.

    මේ පිළිබඳ නිවේදනය පහතින් දැක්වේ.