September, 16, 2024
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2024 සැප්තැම්බර් 8 වන දින කාත්තන්කුඩි හි බීච්වේ හෝටල් පරිශ්‍රයේදී ආයෝජක හමුවක් පවත්වන ලදී. එම ප්‍රදේශයේ ආයෝජකයින් සදහා විකල්ප ආයෝජන අවස්ථා හදුන්වා දීම මෙන්ම ඔවුනට වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙම ආයෝජක හමුවේ අරමුණ විය.
මෙම හමුවේදී සුකුක්, හරිත හා තිරසාර බැඳුම්කර වැනි ණය සුරැකුම්පත් පිළිබඳවත් කොටස් ණයට ගැනීම සහ ණයට දීම (SBL) වැනි වැදගත් මෙන්ම නව්‍ය ප්රවණතාවයන් පිළිබඳවත් එම ප්‍රදේශයන්හි වෙසෙන නවක මෙන්ම දැනටමත් ආයෝජනයෙහි නිරත 75 කට අධික ආයෝජකයින් පිරිසක් දැනුවත් කරන ලදී. කොළඹ කොටස් හුවමාරුවේ මඩකලපුව ශාඛාවේ කළමනාකරු වන සිවනන්දන් රාමන් මුතුක්‍රිෂ්ණන් මහතා නව ආයෝජන මාර්ගයන්ට අවතීර්ණ වීමේ කිරීමේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් මෙම ආයෝජක හමුවේ සමාරම්භය සනිටුහන් කරන ලදී.
මෙම හමුවේ සංසදයේ පළමු ඉදිරිපත් කිරීම ලෙස, CSE හි තැරැව්කාර අධීක්ෂණය සහ ලැයිස්තුගත ආයතන අනුකූලතා අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි නිලූපා පෙරේරා මහත්මිය විසින් හරිත හා තිරසාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. මෙහිදී පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේදී මෙම බැඳුම්කරවල කාර්යභාරය සහ ආයෝජකයින්ට ඒ තුළින් ලබා ගත හැකි ප්රතිලාභයන් දෙස ඇය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදි.
ඉන් අනතුරුව, අල්මාස් ඉක්විටීස් පෞද්ගලික සමාගමෙහි ව්‍යුහගත මූල්‍ය සහ ෂරියා උපදේශක කළමනාකරු වන යහියා අයිහාම් නිසාම්ඩීන් මහතා විසින් මෙම සංසදය අමතමින් ශ්‍රී ලංකාවේ ෂරියා-අනුකූල ණය සුරැකුම්පත් පිළිබඳ දැනුවත් කරන ලදි. ඔහුගේ සැසිවාරය තුළින් ෂරියා-අනුකූල වන ආයෝජන විකල්පයන් තුළ පවතින වැදගත්කම සහ ආයෝජන අවස්ථා පිළිබඳව පැහැදිලි කරන ලදි.
සීමාසහිත ආශා සිකියුරිටීස්හි පර්යේෂණ උප සභාපති අරුමයිනායගම් විසාහන් මහතා විසින් ණයට ගැනීම සහ ණයට දීම (SBL) සහ නියාමනය කරන ලද හිඟ විකුණුම් පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදි. ඔහු විසින් මෙම වැදගත් මුල්‍ය උපායමාර්ග පිළිබඳ දැනුවත් කරමින් ඒවායේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ වටිනා තොරතුරු සාකච්චා කරන ලදී.
මෙම ආයෝජක හමුව විද්වත් මණ්ඩලයකින් සමන්විත ගැටළු සහ සාකච්චා සැසියකින් අවසන් කරන ලද අතර නිලූපා පෙරේරා, යහියා අයිහාම් නිසාම්ඩීන් සහ අරුමයිනායගම් විසාහන් යන මහත්ම මහත්මීන් මෙම විද්වත් මණ්ඩලයට ඇතුළත් වූ අතර සිවනන්තන් රාමන් මුතුක්‍රිෂ්ණන් මහතා විසින් එය මෙහෙයවන ලදී. මෙම සැසියට සහභාගිවූවන්ට ක්ෂේස්ත්රයේ ප්‍රවීණයන් සමඟ සෘජුව සම්බන්ද වී අවශ්‍ය වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීම සදහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලදි.
Video Story