විදුලි බිඳවැටීමකින් කටුනායක ගුවන්තොට මන්දගාමී වෙයි

November, 7, 2018

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදුව ඇති විදුලි බිඳවැටීමක් හේතුවෙන් එහි සාමාන්‍ය දෛනික කටයුතු මේ වන විට මන්දගාමී වී ඇති බව වාර්තා වේ.

අද පෙරවරු 11.30 ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුව ඇති අතර මේ වන තෙක් එය යථා තත්ත්වයට පත් වී නොමැති බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත කියා සිටියේය.

මේ වන විට එහි බොහෝ කටයුතු විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් ක්‍රියාත්මක වන නමුත් සියලු කටයුතු සඳහා එම ධාරිතාව ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුවෙන් ගුවන්තොටුපළේ එදිනෙදා කටයුතුවල මන්දගාමී වීමක් සිදුව ඇති බවත්ගුවන්තොටුපළේ ආගමන අංශයට මේ හේතුවෙන් විශාල වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ගුවන් ගමන්වල ප්‍රමාදවීමක් මෙතෙක් වාර්තා වී නොමැත.

ඡායාරූප අනුග්‍රහය - Novil Wijesekara