විදෙස් අයිතිය වැඩි ලැයිස්තුගත සමාගම් කළ ඉඩම් ගනුදෙනු ගැන නීති අලුත් වෙයි

    June, 19, 2019

    50%ක් හෝ ඊට වැඩි විදේශීය කොටස් හිමිකාරිත්වයක් සහිතව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සඳහා මෙරට ඉඩම් මිල දී ගැනීම 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය සීමා කිරීම) පනත මඟින් තහනම් කරන ලද අතර එම තහනම 2018 වර්ෂයේ දී එම පනත සංශෝධනය කිරීම මඟින් ඉවත් කරන ලදී.

    එහෙත් එම සංශෝධන මඟින් 2018.04.01 දිනට පසුව සිදුවන ඉඩම් ගනුදෙනු සඳහා ප්‍රතිපාදන සලසා ඇති නමුත් එම දිනට ප්‍රථම සිදුකරන ලද අත්පත් කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැත.

    එකී අසමානතාව ඉවත් කිරීමේ අදහසින් 2014 අංක 38 දරන පනත යටතේ පනවා ඇති තහනම ඉහත කී ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් ඉවත් කිරීම පිණිස පනතක් කෙටුම්පත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.