විශිෂ්ට වූ සේවාවක් ලබාදීම සඳහා නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි දියුණු කරයි

January, 25, 2019

දරුවකු පිලිබඳ වූ සුන්දර සිහින යථාර්තයක් බවට පත්කරගැනීමට නොහැකිව වේදනා විඳි දහස් ගණනක් වූ විවාහකයින් හට වසර දොළහක් පුරා එකී සිහිනයන් යථාර්තයක් බවට පත් කිරීමට කැප වූ නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉහළම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව තම පහසුකම් වැඩිදියුණු කල බව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුව සේවා සැපයුම්කරු වන නවලෝක රෝහල නිවේදනය කර සිටියි.

පසුගිය වසර දෙක තුල පමණක් විවාහක යුවළ 150 ක් සඳහා සායනික සහය ලබා දෙමින් ජීවිතයේ පළමු වතාවට දෙමාපියන් වීමේ ප‍්‍රීතිමත් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමට නවලෝක සාඵල්‍යතා මධ්‍යස්තානය සමත් වී ඇත.මෑතකදී සිදුකරන ලද නවීකරණයත් සමග මෙම පහසුකම් සහ සේවා වඩාත් පුළුල් වූ අතර වර්තමානයේ එය දකුණු ආසියාවේ  ප‍්‍රමුඛතම සාඵල්‍යතා සෞඛ්‍ය විශේෂඥයා  ලෙසද  සැලකේ.

‘‘මීට දශකයකට පමණ පෙර ඇරඹි නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය ආරම්භ වූ දා සිට දරුවකුගේ සිනහවක් දැකීමට පෙරුම් පිරූ සිය ගණනක් වූ යුවළ හට එකී සිහිනය මල්ඵල ගැන්වීමට සාර්ථකව සහාය වීමට අපට හැකි වුණා. ශ‍්‍රී ලංකාව තුළ ඇති හොඳම සේවා සහ පහසුකම් ලබාදෙමින් එකී උත්තරීතර දෙමාපිය පදවිය ඔවුන් හට ලබා දීමට අපට සහයවන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක් මෙන්ම වරප‍්‍රසාදයක්ද බව” නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ප‍්‍රධානී වෛද්‍ය අශ්විනි රාජන් මහත්මිය පවසයි.

වෛද්‍ය රාජන් මහත්මිය පවසන පරිදි ලොව පුරා සිටින විවාහක යුවළ හයකගෙන් එක යුවළකට දරුවන් පිළිසිඳ ගැනීම පිලිබඳ ප‍්‍රශ්න ඇතිවිය හැකි බව ගණනය කර ඇත. නොමේරු ඩිම්බ නිකුත්වීම, පැලෝපීය නාලයේ අවහිරතා, ශුක‍්‍රාණු වල අසාමාන්‍යතාවක් යන කරුණු වලින් එකක් හෝ එම කරුණුවල මිශ‍්‍රණයක් මේ සඳහා හේතු විය හැකි බව එතුමිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එකී ගැටළුවට හේතුව සොයාගැනීම සඳහා අප සහකරුවන් දෙදෙනාම පූර්ණ වෛද්‍ය පරීක්ෂනයකට භාජනය කරනු ලබනවා. 4ෘ අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයත් ,ලැපරෝස්කොපි පරීක්ෂණයත් සහ ශුක‍්‍රාණු විශ්ලේෂණයත් යන පරීක්ෂණ අපගේ සාඵල්‍යතා මධ්‍යස්තානයේදී සිදුකරන අතර ලැබෙන ප‍්‍රතිපල අධ්‍යනයකින් පසුව ඔවුන් හට පැහැදිලි සැලැස්මක් ලබා දීමට හැකි වන අතර ඔව්න්ගේ ගැටලූව නිරාකරණය කිරීමට හැකියාවද ලැබෙනවා යැයි වෛද්‍ය රාජන් මිය පැහැදිලි කරයි.

වර්ෂ 2006 දී ආරම්භ කරන ලද නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් සහ උපරිම පහසුකම් වලින් යුක්ත වේ. විශේෂයෙන් නළ දරු උපත් සඳහා උපරිම සාර්ථක ප‍්‍රථිපල තහවුරු කරන  අල්ට‍්‍රා මොඩර්න් බෙන්ච් ටොප් ඉන්විසෙල්  ඉන්කියුබේටර් (Invicell incubator) සහ ස්යිටෝප්ලාස්මික් ස්පර්ම් ඉන්ජෙක්ෂන් (Cytoplasmic Sperm Injection - ICSI)  තාක්ෂණික ක‍්‍රමවේදයන්ද නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය සතු වේ. තවද නළ දරු උපත් ක‍්‍රියාවලියේදී ඩිම්භ ශුක‍්‍රානු සහ කලලයන්ගේ ආරක්ෂාව සහ නිරවද්‍ය බව තහවුරු කිරීම සඳහා වෛද්‍යවරයෙකු, කළල විද්‍යාඥයෙකු සහ හෙදියක යන ත‍්‍රිත්ව සාක්ෂියක් සහිත කණ්ඩායමක් නිරතුරුව ඒ සඳහා සහභාගී වෙති.

මීට අතිරේඛව ඩිම්භ මේරීම පහසු කිරීමේ ප‍්‍රතිකාර,ඩිම්භ නිසි කාලයේදී නිකුත් කිරීම්, IUI හෙවත් අන්තර් ගර්භාෂයේ ශුක‍්‍රාණු තැන්පත් කිරීම් වැනි සරළ ප‍්‍රතිකර ක‍්‍රම වල සිට  IVF,ශුක‍්‍රාණු සහ ඩිම්භ ප‍්‍රදානයන්,පුරුෂයන්ගේ මද සරු බවට ප‍්‍රතිකාර කරන testicular biopsy ප‍්‍රතිකාර ක‍්‍රමද නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. තවද සායනික ගැබ් ගැන්වීම් අසාර්ථක වීමේදී ඒ සඳහා අවශ්‍ය විශේෂ පරීක්ෂණ සහ ප‍්‍රතිකාර ක‍්‍රමද මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගැනීමේ පහසුව ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න  නවලෝක සාඵල්‍යතා මධ්‍යස්ථානය ;දුරකථන 076 760 2982 හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:  http($$www.nawaloka.com$