ශ්‍රීලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව

    August, 28, 2020

    ශ්‍රීලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව දැනුම් දී සිටී.

    ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වේ.

    මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රීලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි අතර නැතිනම් www.srilankan.com වෙබ් අඩවිය හරහා හෝ 1979 හරහා ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර විස්තර ලබා ගත හැකිවේ.