ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ව්‍යාපෘති නමයකට යුරෝපා සංගමයේ මූල්‍යාධාර

    September, 14, 2020

    යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලැබූ 2020 වසරේ ‘උසස් අධ්‍යාපනය සඳහා ධාරිතා නැංවීමේ‘  (Capacity Building for Higher Education - CBHE) ව්‍යාපෘති එළිදැක්වීම ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සිදුවිය. ඒ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගීත්වයෙනි. එම ව්‍යාපෘතිවලට සම්බන්ධ සහභාගීත්ව ආයතන 15ක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. 2020 වසර තුළ CBHE ව්‍යාපෘති 9කට තම Erasmus+ වැඩසටහන හරහා මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය අරමුදල් සම්පාදනය කරයි. එමගින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිය පාර්ශවකරුවන්ගේ තිරසාර සංවර්ධනය ඇති කිරීමට දූත මණ්ඩලය අරමුණු කරයි.

    යුරෝපා සංගමයේ මූල්‍යාධාර ලැබූ CBHE ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල 15ක් සම්බන්ධ වේ. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, SLIIT, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අදිකාරිය, ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුව්නගේ සංගමය සහ SLT කැම්පස් යන ආයතන ඒ හා සම්බන්ධ වී සිටී. ඊට අමතරව මාලදිවයිනේ Dhivehiraajeyge Qaumee විශ්වවිද්‍යාලය සහ Villa College ද CBHE Erasmus+ මූල්‍යධාර ලැබීමට නියමිතය.