ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සුරක්ෂිතතාව හා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 40ක්

    October, 9, 2019

    යුරෝපා සංගමය (EU) STRIDE ව්‍යාපෘතිය සඳහා (Strengthening Transformation, Reconciliation and Inclusive Democratic Engagement) ඒකාබද්ධව යූරෝ මිලියන 40ක් සම්පාදනය කරයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අද (2019 ඔක්තෝබර් 09) දින මෙම මූල්‍ය ගිවිසුමට අත්සන් තැබුවේය.

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් පළ කරමින් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ තානාපති ගරු තඅං-ලායි මාර්ග් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කිසියම් රටක වර්ධනය එම රටේ සියලු දෙනාට බෙදී යාම තහවුරු කිරීමට නම් යහපාලනය සහ ප්‍රජාවගේ සහභාගීත්වය වැදගත්වන බවයි. “ප්‍රාදේශීය පරිපාලන ව්‍යූහය ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල විය යුතුයි. ගැටුම් ඇතිවීමට බලපාන හේතුවලට විසඳුම් ලබා දෙමින් ඵලදායී පාලනයක් ඇති කිරීමට ප්‍රධානතම සාධක ලෙස මා මෙම කරුණු හඳුන්වා දීමට කැමතියි. STRIDE ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සුරක්ෂිතබව සහ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා“, යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.