ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය වර්ධනය වෙලා

    December, 7, 2017

    සමස්ත රටෙහි සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සස සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685 ක අගයේ සිට, 2016 වසරේ දී 0.746 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

    ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උපදර්ශකයන්ගේ හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී 2015 වසරේ සිට 2016 වසර දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජන ජීවිතයේ යහපැවැත්ම මනිනු ලබන උපදර්ශක වර්ධනය වූ අතර සමාජ ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකය ද සුළු වශයෙන් අඩු වී තිබේ.