ශ්‍රී ලංකා@100 සඳහා අයදුම්පත් කැඳවයි

    November, 24, 2021

    ශ්‍රී ලංකා@100 වැඩසටහන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තෙවන තේරීමේ වටය සඳහා අයදුම්පත් කැදවීම ආරම්භ කරයි. ශ්රී ලංකා@100 වැඩසටහන යනු ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද  නියෝජිතායතනයේ (USAID) සහය ඇතිව පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දියුණු  සඳහා ක්‍රියාත්මක වන්නාවූ වැඩසටහනක් වන අතර, ආදායම් වර්ධනය වේගවත් කිරීම ,අභ්යන්තර මෙහෙයුම් ප්රශස්ත කිරීම, නව වෙලඳපොලවල් වෙත ප්‍රවේශ වීම, සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා ව්යාපාර උපදේශන සේවා ලබා දෙනු ඇත.

    වාර්ෂික ආදායම රුපියල් මිලියන 50 සහ ඊට වැඩි, ශ්‍රී ලංකාවේ සමාගම් ලෙස ලියාපදිංචි මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙම තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබයි. කෙටි ලැයිස්තුගත අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ ඇතුළුව තේරීම් ක්‍රියාවලිය 2022 පෙබරවාරි  මාසය තුලදී සහ තෝරාගත් සමාගම්වල අවසාන ඇතුළත් කිරීම් කටයුතු 2022 මාර්තු මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත. වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අයැදුම් කිරීම සඳහා 2021 නොවැම්බර් 15 සිට 2022 ජනවාරි 15 srilanka100.lk  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    "විශේෂයෙන්ම COVID-19 අභියෝග සමඟ ආර්ථික වර්ධනය ලොව පුරා ඇති සියළුම ව්යාපාර සඳහා ඇති මූලික අභියෝගයකි", USAID මෙහෙවර අධ්යක්ෂ රීඩ් ඒෂ්ලිමන් පැවසීය. එමෙන්ම ශ්රී ලංකා@100 වැනි වැඩසටහන වල මුලපිරීම් හරහා, මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල ශක්තිමත්භාවය සහ ඔරොත්තුදීමේ හැකියාව දියුණු කිරීම සඳහා USAID ආයතනය හට අවස්ථාව උදා වී ඇත, එබැවින් ඔවුන්ට වත්මන් අභියෝග ඵලදායී ලෙස ජය ගැනීම මගින්, ලාභ ඉපයීමට සහ රැකියා වැඩි කිරීමට හැකි වනු ඇත."තාක්ෂණ අංශයේ සිට කෘෂිකර්මාන්තය අංශය දක්වා වූ අංශ නියෝජනය කරන දේශීය මධ්‍ය පරිමාණ ව්‍යාපාර 13ක් පසුගිය වසර තුළ ශ්‍රී ලංකා@100 වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත.  නව අයදුම්පත් වටය පිළිබඳව අදහස් දක්වමින් ශ්රී ලංකා@100 වැඩසටහනහි සම-නිර්මාතෘ සහ ස්ටැක්ස් කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය කුමුදු ගුණසේකර ප්රකාශ කළේ මෙම වටය රටේ ආර්ථික ගමනේ තීරණාත්මක අවස්ථාවක පැමිණෙන බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ව්‍යාපාර මීට පෙර බොහෝ අභියෝග හරහා සිදු වූවාක් මෙන්, වසංගතයේ නරකම අවස්ථාවන්හිදී ප්‍රශංසනීය ලෙස ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. ඉදිරි මාස පුනර්ජීවනය වීමට පමණක් නොව, වර්ධනය සඳහා උපාය මාර්ගික පියවර ගත යුතු කාලයක් වනු ඇත. මෙම තත්වය යටතේ ශ්‍රී ලංකා@100 වැඩසටහන දේශීය මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අපගේ මුලික පරීක්ෂණ කිරීමේදී, අපි ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක් කරන්නේ තම ව්‍යාපාරය කටයුතු පුළුල් කිරීමේ හැකියාව සහ අපගේ වැඩසටහනට සම්බන්ධ වීමට අදාළ ව්‍යාපාරවල ජ්‍යෙෂ්ඨ නායකත්වයේ අභිලාෂයයි”. ශ්‍රී ලංකා@100 යනු USAID හි සහය ඇතිව 2020 දී දියත් කරන ලද පුද්ගලික අංශය ප්‍රමුඛව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. මෙම මුලපිරීම, නිදහස ලැබීමෙන් වසර 100ක් ඇතුළත ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් හි වර්ධනය සඳහා අවැසි වන අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, නිෂ්පාදන කළඹ වැඩිදියුණු කිරීම, නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියා කිරීම වේ. ශ්‍රී ලංකා@100 වැඩසටහන ගැන වැඩි විස්තර දැනගැනීමට කරුණාකර පිවිසෙන්න. https://srilanka100.lk/