October, 24, 2022
බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මග පෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනේ. වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේ දී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඒ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට ම එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කරන ලදී.
ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරනු ලැබේ.
අ. සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා
ආ. ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම
ඇ. සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කිරීම
මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ. මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතගොත්,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික් ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
Video Story