ශ‍්‍රී ලංකාවට නවතම ආයතනික තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට Softlogic සමඟින් Huawei එක්වේ

    April, 6, 2021

    ලොව ප‍්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings  PLC) හි අනුබද්ධ සමාගමක් වන, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මෘදුකාංග සහ දෘඩාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (Softlogic  Information Technologies) පුද්ගලික සමාගම සමඟ, නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප‍්‍රයිස් සොලියුෂන්ස් Huawei Enterprise Solutions), ක්ලවුඞ් (Cloud) සහ පරිගණක භාවිත කෘතීම බුද්ධි (Artificial Intelligence) විසඳුම් ශ‍්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයක් මෑතකදී ප‍්‍රකාශයට පත් කළේය.

    ඩිජිටල් ආර්ථිකය දැන් රටේ සහ කර්මාන්තවල වර්ධනයේ ප‍්‍රධාන සාධකයක් ලෙස ස්ථිරව පිහිටුවා ඇති අතර නූතන ආර්ථිකයට ඩිජිටල් තාක්ෂණයන්හි වැදගත්කම අවිවාදිතය. දශක 3 කට පමණ පෙර තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ සොෆ්ට්ලොජික් සමාගම තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය සඳහා අද රටේ ප‍්‍රමුඛ පෙළේ ස්ථානයක නම් දරයි. ශ‍්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර වල වර්ධනය ළඟා කර ගැනීම සඳහා අවැසි උපාය මාර්ග සැකසීමට උපකාරී වන තාක්ෂණය කළමනාකරණය කිරීම සඳහා නව්‍ය ක‍්‍රම සොයා ගැනීමට මෙමගින් සිදුවන්නේ මහත් සේවයකි.

    ”පසුගිය දශකය තුළ බොහෝ තාක්ෂණික විප්ලව සිදුවී ඇත - අන්තර්ජාල විප්ලවය, ජංගම දුරකථන විප්ලවය සහ සමාජ මාධ්‍ය විප්ලවය මින් කිහිපයකි: කෙසේ වෙතත් මෙම වෙනස්කම් වලට අනුගත නොවූ සංවිධාන රාශියක් ශ‍්‍රී ලංකාවේ ඇත. සොෆ්ට්ලොජික් හි අප උත්සාහ කරන්නේ ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීමයි. සොෆ්ට්ලොජික් හි අපට මෙම පරිවර්තනය සිදු කිරීම සඳහා ආයතනවලට උපකාර කිරීමට බොහෝ අත්දැකීම් තියෙනවා” සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් හි ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා පැවසීය. ”ලෝක බැංකුවට අනුව ගෝලීය ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට‍්‍රිලියන 86.598 ක් වන අතර එයින් ඩිජිටල් ආර්ථිකය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් පමණ දායක වන අතර 2025 වන විට 24.3% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ” (UNCTADට අනුව).

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් Huawei ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරි ලියැන් යී මහතා මෙසේ පැවසීය, ”සොෆ්ට්ලොජික් සමඟ ඇතිකරගත් මෙම සම්බන්ධතාවය මඟින් ශ‍්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම්, උදාහරණ ලෙස ක්ලවුඞ්, enterprise intelligence තාක්ෂණයන් ලබා දීමට අපට හැකි වීම ඉතාමත් වැදගත්. මේ සඳහා දුරකථන සේවා මෙන්ම ආයතනික ජාල, උපාංග සහ ක්ලවුඞ් සේවා සහ සබැඳි විසඳුම් ලෙස අද්විතීය තරඟකාරී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කළඹක් Huawei සතුව ඇත.

    ඔහු තව දුරටත් පවසා සිටියේ Huawei හි ඩිජිටල් සේවාවන් සැලසුම් කර ඇත්තේ ගෝලීය ව්‍යාපාරවලට ඔවුන්ගේ ඩිජිටල් කරණයට උපකාර කිරීම සඳහා බවයි. මෙම ඩිජිටල් සේවාවන් උපායමාර්ගික සංවර්ධනය සහ ක‍්‍රියාත්මක කිරීමේ සිට මෙහෙයුම් සහාය දක්වා, දැන් සහ අනාගතයේදී ඩිජිටල්කරණය කරා පරිවර්ථනය වීමේදී එය සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට ගනුදෙනුකරුවන්ට ඵලදායි ලෙස උපකාරී වනු අයුරින් ඩිජිටල්කරණය ක‍්‍රියාවලියේ සෑම පියවරක්ම ආවරණය කරන බව ඔහු තවදුරටත් අවදාරණය කර සිටියේය.

    ”වර්තමාන ලෝකයේ, සහයෝගීතාවයෙන් කණ්ඩායම් වැඩ කරන ඕනෑම තැනක එකට වැඩ කරමින් සාමුහික ආයතනික ඉලක්ක ළඟා කර ගැනීමට මෙන්ම දෛනික කාර්යාල කටයුතු වලදී එම කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වූ සම්බන්දිත කාර්යාල පද්ධති අත්‍යවශ්‍ය වන අතර එහිදී ක්ලවුඞ් සේවා සමගින් බාධාවකින් තොරව වඩාත් පහසු පරිශීලක කේන්ද්‍රීය අත්දැකීමක් ලබා දීමට මෙම තාක්ෂණික විසදුම් නිර්මාණය කර ඇත” යනුවෙන් ලියැන් යී මහතා පැවසීය.

    සොෆ්ට්ලොජික් ටෙක්නොලොජීස් තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගිතාවයෙන් එකට එක්ව Huawei සමාගමට ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෙළඳපොළට මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහන සේවා ඇතුළු කර්මාන්ත රැසකට සරිලන තොරතුරු තාක්ෂණ විසඳුම් ලබා දීමට වේදිකාවක් සපයන බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

    Huawei Enterprise ලොව පුරා කර්මාන්ත සහ ආයතන සඳහා පුළුල් පරාසයක නව්‍ය තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් නිෂ්පාදන සහ විසඳුම් සපයයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය ශක්තිමත් කරමින් ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නෙකු වන Huawei නවතම තාක්ෂණයන්ගෙන් උපරිම ඵලදායිත්වය ළඟ කරගැනීම සඳහා මෙන්ම එම තාක්ෂණික හැකියාවන් ගවේෂණය කිරීම සඳහා ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ කර්මාන්ත විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරයි.

    ”ව්‍යාපාර සඳහා පමණක් නොව රටක දෘෂ්ටිකෝණයකින් වුවද මෙම ව්‍යාපාර ඩිජිටල්කරණයට සහය වීම සඳහා ලෝක මට්ටමේ විසඳුම් දේශීය වෙළඳපොළට ගෙන ඒම සොෆ්ට්ලොජික් හි අරමුණයි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා පවත්නා බොහෝ සංවිධාන, පූර්ව අන්තර්ජාල යුගයේ දී සිදු කළ ආකාරයට තම ව්‍යාපාරය කරගෙන යති. මෙම හිඩැස් පැහැදිලිව දැකගත හැකි වූයේ COVID-19 වසංගතයත් සමගයි. ඔවුන්ගේ සංවිධාන සම්පූර්ණයෙන්ම සූදානම්ව නොසිටින බව සහ නව වෙළඳපල අල්ලා ගැනීමට සහ ඩිජිටල් පද්ධතියකින් අවශ්‍ය කාර්යක්ෂමතාව ලබා ගැනීමට අන්තර්ජාලය හරහා ඩිජිටල් සේවාවන් ලබා දීමට ඇති හැකියාව බොහෝ සමාගම් සතුව නොපවතින බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි විය. එබැවින් Huawei සමඟ ඇති අපගේ හවුල්කාරිත්වයේ ප‍්‍රතිඵලයක් වනු ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්දෙට අපගේ නවීන තාක්ෂණික විසඳුම් ලබාදීමෙන් අප සියලන්ටම වෙළඳපොල ජයග‍්‍රාහී තත්වයන් උදාකර දීම පමණි”රසූල් පැවසීය.