සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පද්ධතීන් සහ ක්‍රියාවලීන් සරල කිරීමට පියවර

    October, 14, 2020

    සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා පවතින ඇතැම් බාධක වශයෙන් පහත සඳහන් කරුණු හඳුනාගෙන ඇත.
    • ප්‍රතිපත්තිමය කරුණු හෝ නියාමන අවශ්‍යතාවන් ‍සඳහා නොවන, සාමාන්‍ය කරුණු සඳහා ආයතන කිහිපයකින් සහ අවසානයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ විසින් කටයුතු කළ යුතු වීම.
    • පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත කළ යුතු ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් සංවර්ධන කටයුතුවල ප්‍රමාදයන් සිදු වන අතර ව්‍යාපෘති පිරිවැය ද ඉහළ යාම.

    ඒ අනුව, එම ප්‍රමාදයන් හැකිතාක් දුරට අවම කරගැනීමට හැකි වන අයුරින් පහත සඳහන් පරිදි කටයුතු කර සංවර්ධන කටයුතු වේගවත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    • සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ අනෙකුත් අදාළ බලධාරින්ගේ අනුමැතිය මත ක්‍රියාත්මක කළ හැකි කාර්යයන් කඩිනමින් ඉටු කර, එම කටයුතු පිළිබඳ වාර්තාවක් මාස 03කට වරක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
    • කොන්ත්‍රාත්කරුවන් විසින් නිම කරනු ලබන වැඩ කොටස් සඳහා ප්‍රමාදයකින් තොරව ගෙවීම් කිරීමට හැකි වන අයුරින් ඔවුන්ගේ බැංකු වෙත භාණ්ඩාගාර ඇපකර හෝ පහසුකම් සැලසීමේ ලිපි නිකුත් කිරීම මඟින් ප්‍රමුඛ සංවර්ධන කාර්යයන් සඳහා අඛණ්ඩ මූල්‍ය ප්‍රවාහයක් සලසා දීම තහවුරු කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වා දීම.